Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව vollyball_inner පැරා කී‍්‍රඩා ජාතික තරගාවලිය 21 දා සිට

පැරා කී‍්‍රඩා ජාතික තරගාවලිය 21 දා සිට

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

TTT(1)

 

ජාතික පැරලිම්පික් කමිටුව සංවිධානය කරන ආබාධිතවුවන් සදහා වන (පැරා) ජාතික මලල කී‍්‍රඩා තරගාවලිය මේ මස 21 වැනිදා සිට 23 දක්වා දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

මෙම වසරේ සැප්තැම්බර් මස 7 වැනිදා සිට බ‍්‍රසීලයේ රියෝ ඩි ජැනෙයිරෝහිදී ආරම්භවන 15 වැනි පැරාලිම්පික් කී‍්‍රඩා උළෙලට සහභාගිවන ශ‍්‍රී ලංකා කණ්ඩායමට කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් තෝරා ගැනීම ද මෙම තරගාවලියෙන් සිදුකෙරේ.

පැරාලිම්පික් කී‍්‍රඩා උළෙලට සහභාගිවන ශ‍්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම ජාතික තරගාවලියටද ඩයලොග් සමාගම අනුග‍්‍රහය දක්වයි. ඩයලොග් සමාගම පැරාලිම්පික් කී‍්‍රඩා උළෙලට සහභාගිවන ශ‍්‍රී ලංකා කණ්ඩායම් සදහා අනුග‍්‍රහය දක්වන්නේ 2000 වසරේ සිටය.

ආබාධිතවුවන්ගේ ජාතික තරගාවලියට සෑම පළාතක්ම නියෝජනය කරමින් සිවිල්, ත‍්‍රිවිධ හමුදා ඇතුඵ කී‍්‍රඩා සමාජ 53 කට වැඩි සංඛ්‍යාවකින් කී‍්‍රඩක ක්‍‍්‍රීඩිකාවෝ 700 ක් පමණ සහභාගිවෙති. මෙවර තරගාවලිය සඳහා මඩකලපුව ඇතුඵ උතුරු නැගෙනහිර පළාත් දිස්ත‍්‍රික් වලින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 100 කට ආසන්න පිරිසක් ඉදිරිපත්ව සිටීම කැපී පෙනේ.

පැරලිම්පික් කී‍්‍රඩා උළෙලට අඩුම වශයෙන් ඉසව් 10 ක් සඳහා ශ‍්‍රී ලංකාවෙන් කණ්ඩායමක් සහභාගි කරවීම ජාතික පැරාලිම්පික් කමිටුවේ අපේක්ෂාවයි. මලල කී‍්‍රඩා ඉසව්, මේස පන්දු, දුන්නෙන් විදීම සහ ඉලක්කයට වෙඩි තැබීම රියෝ ද ජනෙයිරෝ පැරලිම්පික් උලෙලේදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානම ඉලක්ක ගත ඉසව් වේ.  

අවසන් වරට 2012 වසරේ එංගලන්තයේදී පැවැති ලන්ඩන් පැරලිම්පික් කී‍්‍රඩා උළෙලේදී මීටර 400 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ප‍්‍රදීප් සංජය සමත්විය.

2020 දී ජපානයේ ටෝකියෝ නගරයේදී පැවැත්වීමට නියමිත පැරලිම්පික් කී‍්‍රඩා උළෙල ඉලක්ක කරමින් තෝරා ගත් 18 න් පහළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සඳහා පුහුණුවීම් කඩිනමින් ඇරැඹීමට ද ජාතික ඔලිම්පික් කමිටුව කටයුතු යොදා ඇතැයි එහි සභාපති යු. ආර්. රුද්‍රිගෝ මහතා පැවසීය.

3333221

ඩයලොග් සමාගමේ සන්නාම සහ මාධ්‍ය සාමාන්‍යාධිකාරී හර්ෂ සමරනායක මහතා විසින් ජාතික පැරලිම්පික් කමිටුවේ සභාපති යු. ආර්. රුද්‍රිගෝ මහතාට අනුග‍්‍රහක චෙක්පත පිරිනමන ලද අයුරු. ජාතික පැරාලිම්පික් කමිටුවේ ලේකම් කර්නල් රාජා ගුණසේකර මහතාද ඡායාරූපයේ සිටී.

 

ඡායාරූපය - ඉන්ද්‍රරත්න බාලසූරිය


- 090

 


අදහස් (0)

පැරා කී‍්‍රඩා ජාතික තරගාවලිය 21 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.