Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව vollyball_inner තහනම් උත්තේජක වලට කිසිම සමාවක් නෑ

තහනම් උත්තේජක වලට කිසිම සමාවක් නෑ

සංජය එරමුදුගොඩ - 2015 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

මලල කී‍්‍රඩකයන්ගේ තහනම් උත්තේජක ගැනීම සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියට පත්ව ඇති තොරතුරු ඇතුළත් ලිපිගොනු වල කරුණු කාරණා සත්‍ය බව අනාවරණය වුවහොත් අදාළ කී‍්‍රඩකයන්ට හා වගකිව යුත්තන්ට කිසිදු සමාවක් දෙන්නේ නැතැයි අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බෙක් මහතා පවසයි.

බි‍්‍රතාන්‍යයේ ‘සන්ඬේ ටයිම්ස් ’ පුවත්පත කී‍්‍රඩකයන් 5000කට ආසන්න ප‍්‍රමාණයකගේ තොරතුරු ප‍්‍රසිද්ධියට පත්කර ඇති අතර සිතාගත නොහැකි තරම් රැවටීම් හා වංචා දුෂණ සිදු වී ඇති බව  එහිදි අනාවරණය වී ඇත. මෙසේ ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනය සතුව තිබූ ලිපිගොනුය.

”දැනට අප සතුව ඇත්තේ එල්ල වන චෝදනා පමණයි. ඒ නිසා කිසිම අවස්ථාවක චෝදනා ඔප්පු වනතුරු කිසිවක් කිරීමේ හැකියාවක් නැහැ. අපට කටයුතු කරන්නේ ඔවුන් නිර්දෝෂියි කියන පූර්ව නිගමනයේ ඉඳලා” යයි තෝමස් බෙක් මහතා පවසයි.

වසර 2001 සිට වසර 2012 කාලයට අදාළ රුධිර සාම්පල වාර්තා මෙලෙස ප‍්‍රසිද්ධියට පත්ව ඇති අතර ජර්මානු ගුවන්විදුලි සේවයට හා සන්ඬේ ටයිම්ස් පුවත්පතට අකටයුතුකම් පිළිබඳ තොරතුරු හෙළිදරවු කරන්නකු විසින් එම ලිපිගෙනු පිළිබඳව හෙළිදරව් කර තිබේ.

”අදාළ සිදුවීම්වලත් ඔලිම්පික් තරග ප‍්‍රතිඵලවලත් සම්බන්ධයක් තියෙන බව අනාවරණ්‍ය වුණොත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව කිසිදා සමාවක් දෙන්නේ නැහැ” යයි තෝමස් බෙක් මහතා පවසයි.

සන්ඬේ ටයිම්ස් පුවත්පත හා ජර්මානු ගුවන් විදුලි සේවයක් එක්ව කී‍්‍රඩකයන් 5000කගේ රුධිර සාම්පල 12,000ක ප‍්‍රතිඵල සොයාගැනීමට සමත්ව ඇත. අදාළ ලිපිගොනු තමන්ටත් ලැබී ඇතැයි පවසන බී.බී.සී පුවත්සේවය වාර්තා කරන්නේ දරාගැනීමේ ඉසව්වලදී පිරිනැමූ පදක්කම්වලින් තුනෙන් එකක් පිළිබඳ සැක සංකා මතුවන බවයි.

ඔලිම්පික් හා ලෝක ශූරතා තරග (146 ක, රන් පදක්කම් 55 ක්) ඇතුළත් බවත් අදාළ කී‍්‍රඩකයන්ගේ රුධිර සාම්පල වාර්තා සැකසහිත බවත් අදාළ ලිපිගොනු විශ්ලේෂණය කළ ස්වාධීන විශේෂඥයෝ ප‍්‍රකාශ කරති.

මලල කී‍්‍රඩකයන් 800 කට වැඩි ප‍්‍රමාණයකගේ රුධිර සාම්පල වාර්තාවල තොරතුරු සලකා බැලීමේදී අදාළ මලල කී‍්‍රඩකයන් තහනම් උත්තේජක ගත් බව ඉහළින්ම පෙන්නුම් කරන බව හෝ අවම වශයෙන් අසාමාන්‍ය බවද තොරතුරු විශ්ලේෂණය කළ එක් විශේෂඥයකු පවසා තිබේ.

මෙම දත්ත තහනම් උත්තේජක ගත් බවට සාක්ෂියක් නොවූවද මෙම අනාවරණය කිරීම් මඟින් කී‍්‍රඩාව වංචාවකින් තොරව සිදුවන්නේ දැයි යන්න පිළිබඳව බරපතළ ප‍්‍රශ්න මතු කරයි.

තහනම් උත්තේජක ලබාගැනීම මඟින් කී‍්‍රඩකයන්ගේ දරාගැනීම ශක්තිය ඉහළ වන බව කී‍්‍රඩා පෝෂණවේදී එලිනෝර් ජෝන්ස් මහත්මිය පවසයි. එහිදි සිදුවන්නේ සිරුර තුළ ඔක්සිජන් ගමන් කිරීමේ හැකියාව වර්ධනය කිරීමයි.

”එය හරියට සිරුරට රුධිරය සපයනවා වගේ.. එහිදි ඔබේ සිරුරේ සාමාන්‍ය රුධිර ප‍්‍රමාණයට සැසඳීමේදී එය සියයට 110 ක් පමණ වෙනවා. ” යයි බී.බී.සි ගුවන් විදුලි සේවයේ 5 වැනි සේවය හා එක්වෙමින් ඇයි මේ බව පහදා සිටියාය.

ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ ඒජන්සියේ ස්වාධීන කොමිසමක් විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන බව බී.බී.සි පුවත් සේවය වාර්තා කළේය. ජර්මන් ගුවන් විදුලි සේවාවක් වන ‘ඩබ්.ඞී.ආර්’ ගුවන් විදුලිය මලල කී‍්‍රඩකයන්ගේ සැඟවුණු ලෝකය නමින් අදාළ අනාවරණය කිරීම් කළ අතර පරීක්ෂණ කෙරෙන්නේ ඒ ආශ‍්‍රයෙනි.

කෙසේ වෙතත් සන්ඬේ ටයිම්ස් සහ ජර්මන් ගුවන් විදුලි සේවාව මෙම රසාභ්‍ය තොරතුරු ලබාගෙන ඇත්තේ කිසිදු අවසරයකින් තොරව යැයි ද ඊට එරෙහි සුදුසු නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමේ අයිතියක් තමන් සතුව ඇතැයි ද අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනය සඳහන් කරයි.


- රොයිටර් ඇසුරිනි


අදහස් (0)

තහනම් උත්තේජක වලට කිසිම සමාවක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.