Last Update  :  2024-05-19 14:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Uncategorized සහෝදරයන්ගේ හටනට වැස්සෙන් බාධා

සහෝදරයන්ගේ හටනට වැස්සෙන් බාධා

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුලීගොඩ මාදප්මා මධ්‍ය මහා විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර කුලීගොඩ මාදප්මා මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) ආරම්භවූ 2 වැනි ‘සහෝදරයන්ගේ’ හටන වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් අවසන් වනවිට දේවපතිරාජ විද්‍යාලය පළමු ඉනිමට කඩුලු 6 ක් දැවී ලකුණු 219 ක් රැස්කර සිටියේය. පස්වරුවේ ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය ඕවර 48 කට සිමාවිය.    

රවීන් යසස් (74) අර්ධ ශතකයක් රැස්කරමින් පළමු දිනයේ වැඩි වාසී දේවපතිරාජ විද්‍යාලයට ලබාදීමට සමත්වූ පසිඳු දසනායක ලකුණු 16 කට කඩුලු 2 ක් දවාගනිමින් මාදප්මා මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

කාසියේ වාසිය දිනාගත් කුලීගොඩ මාදප්මා මධ්‍ය මහා විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සදහා රත්ගම දේවපතිරාජ විද්‍යාලයට ආරාධනා කළේය.

හෙට (7 වැනිදා) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.


දේවපතිරාජ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 6 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 219
(රවීන් යසස් 74, ජීවක සශීන් 33, සුධීර වීරරත්න 34, කල්ප චේතිය නොදැවී 28, පසිඳු දසනායක 16/2)

 


අදහස් (0)

සහෝදරයන්ගේ හටනට වැස්සෙන් බාධා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.