Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ‘සුලෝහිත සංග්‍රාම’ විසඳුමකින් තොරයි

‘සුලෝහිත සංග්‍රාම’ විසඳුමකින් තොරයි

යොහාන් භාසුර - 2020 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති 91 වැනි ‘සුලෝහිත සංග්‍රාම’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (08) විසඳුමකින් තොරව අවසන් විය.

තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ අද පස්වරුවේ තරගය අවසන් වන විට ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක සාර්ථක කරගත් ආනන්ද විදුහල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු හතක් දැවී ලකුණු 225 ක් රැස්කර ලකුණු 68 ක් ඉදිරියෙන් සිටියේය.

හංසජ ජයසිංහ දෙවැනි ඉනිමේදී අන්තයක් ආරක්‍ෂාකරගනිමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ අතර ඔහු පන්දු 133 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 89 ක් රැස්කිරීමට සමත් විය.  

නාලන්දා විදුහල පළමු ඉනිමේදී ලකුණු 157 ක වාසියක් ලබාගනිමින් පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමට ආනන්ද විදුහලට ආරාධනා කළේය.

පළමු දිනය වූ පෙරේදා ක්‍රීඩාව අවසන් කරන විට ආන්නද විදුහල කඩුලු පහක් දැවී ලකුණු 79 ක් පමණක් ලබා අසීරු තත්ත්වයකට පත්ව සිටි අතර ඊයේ දිවා විවේකයට පෙර ලකුණු 150 කට සීමාවිය.

ආනන්ද විදුහල වෙනුවෙන් නෙත්ම කරුණාරත්න සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 131 කදී හතරේ පහර අටක් සමගින් ලකුණු 59 ක් රැස්කිරීමට සමත් විය.

ජිතේෂ් වාසල දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 63 කට කඩුලු පහක් දවාගැනීමට සමත් විය.

කාසියේ වාසිය ලැබූ ආනන්ද විදුහලේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් නාලන්දා විදුහල කඩුලු හතරක් දැවී ලකුණු 307 ක් ලබා සිටියදී පෙරේදා (07) පස්වරුවේ ඉනිම අත්හිටුවීය.

රවීන් ද සිල්වා (නොදැවී 100) සහ රෂාන් දිසානායක (නොදැවී 77) පස්වැනි ගොඩනැගූ ලකුණු 159 ක වේගවත් සම්බන්ධතාවක් පවත්වමින් නාලන්දා විදුහල ප්‍රබල තත්ත්වයකට රැගෙන ආහ.

එහිදී රවීන් ද සිල්වා (නොදැවී 100) සහ රෂාන් දිසානායක (නොදැවී 77) ක්‍රියාත්මක වෙමින් පස්වැනි කඩුල්ලට අනපේක්‍ෂිත ලකුණු 159 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් නාලන්දා විදුහල තරගයේ වාසිය ලැබීය.

රවීන් ද සිල්වා පන්දු 81 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර හතරක් සමගින් ශතකය සම්පූර්ණ කිරීමට සමත් විය.

රෂාන් දිසානායක පන්දු 75 කදී හතරේ පහර 12 ක් සමගින් නොදැවී ලකුණු 77 රැස් කළේය.

 

නාලන්දා විදුහලේ රවීන් ද සිල්වා තරගයේ වීරයා ලෙස ද, ජිතේෂ් වාසල දක්‍ෂතම පන්දු යවන්නා ලෙස ද, රනිඳු ද සිල්වා දක්‍ෂතම පන්දු රකින්නා ලෙස ද, සම්මාන ලැබූහ. ආනන්ද විදුහලේ හංසජ ජයසිංහ දක්‍ෂතම පිතිකරු ලෙස  සම්මාන ලැබීය.

දෙවිදුහල් අතර පී. ඩී. එස්. කුලරත්න අභියෝග කුසලාන වාර්ෂික සීමිත ඕවර ක්‍රිකට් තරගය එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී මේ මස 15 වැනිදා පැවැත්වීමට නියමිතය.


නාලන්දා විදුහල පළමු ඉනිම ඕවර 54.5 කදී කඩුලු 4 ට 307
(අවිෂ්ක පෙරේරා 26, රනිඳු ද සිල්වා 28, චමිඳු විජේසිංහ 56, රවීන් ද සිල්වා නොදැවී 100, රෂාන් දිසානායක නොදැවී 77, දිනෙත් නිශ්ශංක 34/2)

ආනන්ද විදුහල පළමු ඉනිම ඕවර 51 කදී සියලු දෙනා දැවී 150
(නෙත්ම කරුණාරත්න 59, හංසජ ජයසිංහ 26, සවිරු බණ්ඩාර නොදැවී 13,  ජිතේෂ් වාසල 63/5, රවීන් ද සිල්වා 28/2)

ආනන්ද විදුහල දෙවැනි ඉනිම ඕවර 69 කදී කඩුලු 7 ට 225
(කනිෂ්ක රන්තිලකගේ 37, නෙත්ම කරුණාරත්න 20, හංසජ ජයසිංහ නොදැවී 89, දසුන් තාරුක 29, රවීන් ද සිල්වා 65/2, අවිෂ්ක පෙරේරා 16/2)  

ඡායාරූප - චතුර එස්. කොඩිකාර


අදහස් (0)

‘සුලෝහිත සංග්‍රාම’ විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.