
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉරිදා (5) පැවැති එක්දින තරගයෙන් ලකුණු 140 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අනුව මෙම කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 262 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ‘ඒ’ කණ්ඩායමට වනුජ සහන් ප්රමුඛ ශ්‍රී ලංකා ‘ඒ’ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 121 ක් පමණි. එහිදී පන්දුවෙන් කැපී පෙණුන දස්කම් දැක්වූ වනුජ ඕවර 6.5 ක් යවමින් ලකුණු 13 කට කඩුලු 5 ක් දවාගත්තේය.
නවසීලන්ත ‘ඒ’ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ඩේල් පිලිප්ස් පන්දු 17 කින් නොදැවී ලකුණු 30 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගිනි. රයිස් මාරියු (19) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 51 ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පිලිප්ස් සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඕවර 49.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 262 ක් රැස්කළ අතර එහිදී අර්ධ ශතක වාර්තා කිරීමට ආරම්භක පිතිකරු කමිල් මිෂාර (71), සහන් ආරච්චිගේ (66) සහ මිලාන් රත්නායක (53) සමත් වූහ. ලකුණු 126 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්ද1 47 කදී ලකුණු 110 ක සමබන්ධතාවක් ගොඩනැගීමටද සහන් සහ මිලාන් සමත් වූහ.
පන්දු 49 කට මුහුණ දෙමින් ලබාගත් වේගවත් අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරෙ පහර 12 කින් සැරසීමට කමිල් සමත් විය. නායක සහන්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සමන්විත වූ අතර මිලාන් පන්දු 89 කදී ලබාගත් අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් අන්තර්ගත විය.
ශ්‍රී ලංකා ‘ඒ’ පිල - ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 261
(කමිල් මිෂාර 71, පවන් රත්නායක 16, සහන් ආරච්චිගේ 66, මිලාන් රත්නායක 53, ක්‍රිස්ටියන් ක්ලාක් 42/2, ආදිත්‍ය අෂෝක් 45/2)
නවසීලන්ත ‘ඒ’ පිල - ඕවර 28.2 කදී සියලු දෙනා දැවී 121
(රයිස් මාරියු 19, ඩේල් පිලිප්ස් 30, ක්‍රිස්ටියන් ක්ලාක් 18, වනුජ සහන් 13/5, සොනාල් දිනූෂ 10/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.