Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ෆෙඩරර් - නඩාල් මහ සටනට පෙර සූදානම

ෆෙඩරර් - නඩාල් මහ සටනට පෙර සූදානම

ශනුක අරවින්ද - 2017 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අමෙරිකානු විවෘත තරගාවලියේ ඓතිහාසික අවසන් පූර්ව තරගයකට එකිනෙකා සමග තරග වැදීමට සූදානමින් සිටින ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර්ට සහ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල්ට ඊට පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී ගැටවර වියේ පසුවන කෝඩුකාරයකුගේත් ඉඳහිට සිය ප්‍රතිවාදියා විමතියට පත්කරවන පුරුදුකාරයකුගේ ඉවසීම පරික්ෂා කිරීමට සිදුවී තිබේ.

ටෙනිස් පිටියේ දැවැන්තයන් දෙදෙනකු වන ෆෙඩරර් සහ නඩාල් දෙදෙනාම අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් අටදෙනා අතරට එක්වුයේ සිවුවැනි වටයේදී ප්‍රතිවාදින්ට මදි නොකියා බැට දෙමිනි. එය විචාරකයන් දුටුවේ මේ කීර්තිමත් ක්‍රීඩකයන් දෙදෙනා ග්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළ අතට ගෙන මිස ආපසු හැරී නොබලන ආකාරයේ ප්‍රවණතාවක් ලෙසය.

බදාදා රාත්‍රී පැවැත්වීමට නියමිත ෆෙඩරර්ගේ සහ නඩාල්ගේ අර්ධ අවසන් පුර්ව තරගවලදි දෙදෙනාගෙම ජයග්‍රහණ මේ වනවිටත් තහවුරු කර ඇති විචාරකයන් කල් තියාම මෙම දැවැන්තයන්ගේ අවසන් පුර්ව වටයේ සංග්‍රාමය ගැන අනාවැකි පළකරන්නටත්, ඔට්ටු තබන්නටත් පටන්ගත්හ. බදාදා රාත්‍රීයේදී නඩාල් සමග තරග කිරීමට නියමිතව සිටින්නේ රුසියාවේ 19 හැවිරිදි යොවුන් ක්‍රීඩක ඇන්ඩි්‍ර රුබ්ලිව්ය. ෆෙඩර්ර් සමග තරග වැදීමට නියමිතව සිටින්නේ ශ්‍රෙණිගත කිරිම්වල 24 වැනි තැන පසුවන ආජන්ටිනාවේ ජුවාන් මාටින් ඩෙල් පොට්රෝය.

අර්ධ අවසන් පූර්ව තරගවලින් වඩාත්ම අවධානයට ලක්වනු ඇත්තේ ෆෙඩර්ර් සහ ඩෙල් පොට්රෝ අතර පැවත්වෙන තරගයයි. දැවැන්තයා පෙරළා දැමීමට සමත්කම් ඇති එක් තරගකරුවකු වන ඩෙල් පොට්රෝ කෙරෙහි ෆෙඩර්ර් පසුවන්නේ ද විපරමිනි. අන්තරාජාතික ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන 31 හැවිරිදි නඩාල් මෙන්ම ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි තැන සිටින 36 හැවිරිදි ෆෙඩර්ර් ද අවසන් අටදෙනා අතරට සේන්දු වූයේ ප්‍රතිවාදීන්ගේ කිසිදු අභියෝගයකින් තොරවමය.

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කිරුළට සහ විම්බල්ඩන් ටෙනිස් කිරුළට හිමිකම් කියන ෆෙඩරර් මේ වසරේ සිය තුන්වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවට කුරුමානම් අල්ලයි. මේ වසරේ ප්‍රංශ විවෘත ටෙනිස් කිරුළ දිනූ නඩාල්ගේ බලාපොරොත්තුව අවසන් පුර්ව වටයේදී ෆෙඩරර් පරදවා වසරේ දෙවැනි ග්‍රෑන්ඞ් ස්ලැම් කිරුළ අත්කර ගැනීමටය.

විචාරකයන් කියන ආකාරයට මේ දෙදෙනා අතර අවසන් පුර්ව තරගය මෙවර අවසන් මහා තරගයට වඩා හැම අතින්ම උණුසුම් එකක් වනු ඇති බවය.

-077

 


අදහස් (0)

ෆෙඩරර් - නඩාල් මහ සටනට පෙර සූදානම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.