Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ෆ්ලෙචර් - පැතුම් - වනිඳු ෆෝල්කන්ස් පිල දිනවති
එල්.පී.එල්. - 2022

ෆ්ලෙචර් - පැතුම් - වනිඳු ෆෝල්කන්ස් පිල දිනවති

editorial - 2022 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද)  

ඇන්ඩ්‍රි ‍ෆ්ලෙචර්ගේ සහ පැතුම් නිස්සංකගේ දක්ෂ පිතිහරඹයත්, වනිඳු හසරංගගේ දක්ෂ පන්දු යැවීමත් හමුවේ කලම්බො ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව අද (6 වැනිදා) පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 109 ක පහසු ජයක් වාර්තා කිරීමට කැන්ඩි ෆෝල්කන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 200 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය කලම්බො ස්ටාර්ස් කණ්ඩායමට වනිඳු හසරංග ප්‍රමුඛ ෆෝල්කන්ස් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 14.3 අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 90 ක් පමණි. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වනිඳු ඕවර 3 ක් යවමින් ලකුණු 14 කට කඩුලු 4 ක් දවාගත්‍තේ කඩුලු ත්‍රිත්වයක්ද සමගනි.

කලම්බො ඉනිමේ ඉහළම ලකුණු ලාභියා බවට පත්වූ නායක ඇන්‍ජලෝ මැතිව්ස් පන්දු 23 කදී ලකුණු හතරේ පහර 2 ක් සමග 26 ක්ද, කීමෝ පෝල් පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 22 ක්ද රැස්කළහ. එහෙත් පිතිකරුවන් 7 දෙනකුම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් දැවී යෑමද කලම්බෝ කණ්ඩායමට විශාල පාඩුවක් විය.
 
කාසියේ වාසිය දිනූ ස්ටාර්ස් නායක මැතිව්ස්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ෆැල්කන්ස් කණ්ඩායම ඇන්ඩි්‍ර ෆ්ලෙචර්ගේ ප්‍රවේකාරී පිතිහරඹය හමුවේ ඕවර 20 අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 199 ක් ලබාගැනීමට සමත් විය.  ලබාදුන් උඩ පන්දු 4 ක්ම ස්ටාර්ස් ක්‍රීඩකයන් අතින් ගිළිහී යෑමෙන් උපරිම ඵල නෙළාගත් ඇන්ඩි්‍ර ෆ්ලෙචර් පන්දු 67 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 102 ක් රැස්කරමින් ෆැල්කන්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
 
සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ ලකුණු 2 ක් ලබා සිටියදී ෆ්ලෙචර් ලබාදුන් පළමු උඩ පන්දුව බිම දැමූ සීක්කුගේ ප්‍රසන්න, ලක්මාල්ගේම පන්දුවක් හමුවේ ෆ්ලෙචර් ලබාදුන් දෙවැනි උඩ පන්දුව අතහැරියේ ඔහු ලකුණු 11 ක් ලබා සිටියදීය. එම උඩ පන්දු දෙකම එකම ආකාරයේ උඩ පන්දු වූ අතර ඔහු සීක්කු එම උඩ පන්දු දෙකම රැක ගැනීමට අසමත් වූයේ බැක්වඩ් පොයින්ට් කළාපයේ පන්දු රකිමින් සිටියදීය.
 
ඉන් අනතුරුව කීමෝ පෝල්ගේ පන්දුවක් හමුවේ ලකුණු 18 ක් ලබා සිටියදී ලබාදුන් උඩ පන්දුවක් සුරංග ලක්මාල් අතින්ද, බෙනී හෝල්ගේ පන්දුවක් හමුවේදී ලකුණු 24 ක් ලබා සිටියදී ලබාදුන් උඩ පන්දුවක් මුදිත ලක්ෂන් අතින්ද ගිළිහී යෑම හේතුවෙන් ෆ්ලෙචර්ට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදාවිය.
 
පැතුම් නිස්සංක (71) සමග එක්ව පළමු කඩුල්ලල වෙනුවෙන් පන්දු 95 කදී ලකුණු 156 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ ෆ්ලෙචර් ෆැල්කන්ස් කණ්ඩායමට ඉතා සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. එහිදී පන්දු 41 කට මුහුණදුන් පැතුම් හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් සිය අර්ධ ශතකය සැරසුවේය.
 
සීක්කුගේ ප්‍රසන්නගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් දෙමින් පැතුම් දැවී යෑමත් සමග පළමු කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත්විය. ඉන් අනතුරුව පිටියට පිවිසි කාර්ලෝස් බ්‍රැත්වේට් පන්දු 13 කදී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 20 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා ෆ්ලෙචර්ට අනගි සහායක් දුන්නේය.

 

කැන්ඩි ෆෝල්කන්ස් පිල - ඕවර 20 කදී කඩුල්ලක් දැවී 199

(පැතුම් නිස්සංක 71, ඇන්ඩි්‍ර ෆ්ලෙචර් නොදැවී 102, කාර්ලෝස් බ්‍රැත්වෙට් නොදැවී 20)

කලම්බො ස්ටාර්ස් පිල - ඕවර 14.3 කදී සියලු දෙනා දැවී 90
(ඇන්ජලෝ මැතිව්ස් 26, ඩොමිනික් ඩ්‍රේක්ස් 18, ‍කීමෝ පෝල් 22, වනිඳු හසරංග 14/4, ෆේබියන් ඇලන් 01/2)


අදහස් (1)

ෆ්ලෙචර් - පැතුම් - වනිඳු ෆෝල්කන්ස් පිල දිනවති
  • Sumeda Wednesday, 07 December 2022 01:25 PM

    සීක්කුගේ කැච්1 ඇල්ලුවා නම් වෙනසක් වෙන්න ගියා..

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.