Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හැව්ලොක්ස් 45-42 කින් යුද හමුදාව පරදවයි

හැව්ලොක්ස් 45-42 කින් යුද හමුදාව පරදවයි

editorial - 2020 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේදී හැව්ලොක්ස් ක්‍රීඩකයෝ ලකුණු 45-42 කින් යුද හමුදාව පරාජය කරමින් තියුණු ජයක් ලැබූහ. මෙම තරගය සෙනසුරාදා හැව්ලොක්ස් පිටියේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්විණ.

යුද හමුදා පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 35-21 ක් ලෙස පෙරමුණේ පසුවුවද හැව්ලොක්ස් පිල තරගයේ අවසන් මිනිත්තු පහේදී පෙරමුණට පැමිණියේය.  

ගනිඳු ලක්‍ෂාන් හයවැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම සන්දේෂ් ජයවික්‍රම ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් හැව්ලොක්ස් පිල ලකුණු 7-0 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය.  එසේ වුවද යුද හමුදා ක්‍රීඩකයෝ 10 වැනි මිනිත්තුවේ සිට මිනිත්තු හතරක් තුළ ගෝල දෙකක් සම්පූර්ණ කරමින් ලකුණු 14-7 ක් ලෙස පෙරමුණ ගත්තේය.

ෂෙහාන් සිල්වා සහ ඉසුරු මැදගෙදර උත්සාහක දිනුම් සම්පූර්ණ කළ අතර චමත් ප්‍රනාන්දු එම උත්සාහක දිනුම් දෙකම ගෝල බවට ප්‍රවර්ථනය කළේය.

හැව්ලොක්ස් පිලේ උමේෂ් මධුෂාන් 18 වැනි මිනිත්තුවේදී එකතු කළ උත්සාහක දිනුමට සන්දේෂ් ජයවික්‍රම අතිරේක ලකුණු එකතු කිරීමෙන් ලකුණු පුවරුව 14-14 ක් ලෙස සමවිය.

යුද හමුදා පිල 21 වැනි මිනිත්තුවේදී ගෝලයක් සම්පූර්ණ කරමින් නැවත ඉදිරියට පැමිණිය ද, හැව්ලොක්ස් පිල ඊට මිනිත්තු හතකට පසුව ගෝලයක් සම්පූර්ණ කරමින් නැවතත් ලකුණු පුවරුව 21-21 ක් ලෙස සම කළේය. යුද හමුදා පිලට 34 වැනි මිනිත්තුවේ ලැබුණු දඩුවම් පහර ගෝලයත් සමඟ ලකුණු 28-21 ක් ලෙස ද, 34 වැනි මිනිත්තුවේදී සුදාරක දික්කුඹුර සම්පූර්ණ කළ උත්සාහක දිනුම චමත් ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු 35-21 ක් ලෙස ශක්තිමත් විය.

හැව්ලොක්ස් පිල දෙවැනි අර්ධයේ සිවුවැනි මිනිත්තුවේ සිට මිනිත්තු 21 ක් තුළ සම්පූර්ණ ග්‍රහණය රදවාගනිමින් ගෝල දෙකකින් සහ උත්සාහක දිනුමකින් රැස්කළ ලකුණු 19 න් තරගය කණපිට පෙරලුණි. ඒ අනුව හැව්ලොක්ස් පිල ලකුණු 40-35 ක් ලෙස නැවතත් පෙරමුණට පැමිණියේය.

තරගය අත්නොහැරි යුද හමුදා ක්‍රීඩකයෝ තරගයේ 68 වැනි මිනිත්තුවේදී පස්වැනි උත්සාහක දිනුම ලකුණු පුවරුවට එකතු කළහ. එහිදී සුදාරක දික්කුඹුර සිය දෙවැනි උත්සාහක දිනුම සම්පූර්ණ කළ අතර චමත් අතිරේක ලකුණු මුසුකළේය.

යුද හමුදා පිල ලකුණු 42-40 ක්  ලෙස නැවතත් ඉදිරියට පැමිණිය ද මිනිත්තු පහක් ගතවෙද්දී හැව්ලොක්ස් පිලට මිතුන් හපුගොඩ එකතු කළ උත්සාහක දිනුම තීරණාත්මක විය. ඒ අනුව හැව්ලොක්ස් ලකුණු 45-42 ක් ලෙස අවශ්‍ය මොහොතේ වාසිය අත්කරගත්තේය.  

ඡායාරූප - ගයාන් අමරසේකර

- 048


අදහස් (0)

හැව්ලොක්ස් 45-42 කින් යුද හමුදාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.