Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හැටන් නැෂනල් - ගුවන් හමුදා අවසන් තරගය අද

හැටන් නැෂනල් - ගුවන් හමුදා අවසන් තරගය අද

editorial - 2023 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

ජාතික දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහ තරගය අද (13) දහවල් 12 ට හැටන් නැෂනල් බැංකු පිල හා ගුවන් හමුදා පිල අතර ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ත පිටියේදී පැවැත්වේ. ඊයේ (12) පස්වරුවේදී නිමාවට පත්වූ තරගාවලියේ අවසන් පූර්ව වටයේදී ගුවන්හමුදා පිල විසින් යුද හමුදා පිල (30-23) ද හා හැටන් නැෂනල් බැංකු පිල විසින් නාවික හමුදා පිල (39-27) පරාජය කරමින් මෙම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.

අවසන් පූර්ව වටයේ පරාජිතයන් දෙදෙනා වන යුද හමුදා පිල හා නාවික හමුදා පිල අතර තෙවැනි ස්ථානය තේරීමේ තරගය අද පෙරවරු 10.30 ට ආරම්භ වේ.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය වසර 2019 න් පසුව මෙම තරගාවලිය සංවිධානය කළ පළමු අවස්ථාව මෙයයි. මෙවරත් හැටන් නැෂනල් බැංකු කණ්ඩායම කුසලාන දිනා ගැනීමට සමත් වන්නේ නම් ඔවුන් පිට පිටම එය හිමිකර ගන්නා තෙවැනි අවස්ථාව බවට පත්වනු ඇත.

ජාතික දැල්පන්දු තරගාවලි ඉතිහාසයේ මෙතෙක් වැඩිම වාර ගණනක් කුසලාන දිනා ඇත්තේද හැටන් නැෂනල් බැංකු කණ්ඩායමයි.  

මෙවරත් ජාතික කණ්ඩායම් නායිකාව හා උප නායිකාව ලෙස ආසියානු කුසලාන (2022) තරගවලියේ දී ශ්‍රී ලංකාවට වෙනුවෙන් ක්‍රීඩා කළ ගයංජලී අමරවංශ හා දුලංගි වන්නිතිලක අතුළුව එහි ක්‍රීඩිකාවෝ බහුතරයක් ඊට අතුළත් වෙති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායිකා චතුරංගනි ජයසූරිය ඇතුළු ප්‍රබල ක්‍රීඩිකාවන් කිප දෙනක්ද ගුවන් හමුදා කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

ජය සංකේත ප්‍රදානය අද දහවල් ටොරින්ටන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ථ පිටියේ දී ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.


අදහස් (0)

හැටන් නැෂනල් - ගුවන් හමුදා අවසන් තරගය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.