(ශානුක අරවින්ද)
කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර ‘ඩී.එස්. සේනානායක’ අනුමස්රණ පළිහ වෙනුවෙන් කොළඹ එස්.එස්.සී. ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වෙන 147 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්රිකට් තරගයේ පළමු දිනය වූ ඊයේ (12 වැනිදා) ක්රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි සාන්ත තෝමසුවෝ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 203 ක් ලබා සිටියහ.
පළමු දිනය නිමාවට පත්වන විට රෙෂොන් සොලමන්ස් හතරේ පහර 2 ක් සමග ලකුණු 19 ක්ද, රපීල් හෙට්ටිගේ හතරේ පහර 2 ක් සමග ලකුණු 12 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. මෙතුක ගුණරත්න හතරේ පහර 6 ක් සමග ලකුණු 44 ක් ලබා, අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී සෙහදු සූරියාරච්චිගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.
කාසියේ වාසිය දිනූ රාජකීය විදුහල් නායක රෙහාන් පීරිස්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ජේඩ්න් අමරවීර (52) සහ නායක අවිනාෂ් ප්රනාන්දු (50) සාන්ත තෝමස් ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 110 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගූහ. එහිදී ජේඩ්න් හතරේ පහර 7 ක් සමගින්ද, අවිනාෂ් හතරේ පහර 5 ක් සමගින්ද ලකුණු රැස්කළහ.
සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 4 කට 203
(ජේඩ්න් අමරවීර 52, අවිනාෂ් ප්රනාන්දු 50, මෙතුක ගුණරත්න 44, රෙෂොන් සොලම්න්ස් නොදැවී 19, රපීල් හෙට්ටිගේ නොදැවී 12)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.