Last Update  :  2025-05-14 15:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හයිද්‍රාබාද් පිල දෙවැනි ජය ලබයි

හයිද්‍රාබාද් පිල දෙවැනි ජය ලබයි

editorial - 2021 සැප් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 40 තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර ඩුබායිහිදී අද (27 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 7 ක ජයක් වාර්තා කිරීමට හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 10 කට සහභාගි වී ඇති හයිද්‍රාබාද් කණ්ඩායම එහිදී ලැබූ දෙවැනි ජය මෙය විය. 

ජයග‍්‍රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් කී‍්‍රඩකයෝ පන්දු 9 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියහ. නායක කේන් විලියම්සන් (නොදැවී 51) සහ අභිෂේක් ශර්මා (නොදැවී 21) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 48 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන ගියහ. 

නායකත්වයේ පිතිහරඹයක නිරත වූ විලියම්සන් පන්දු 41 කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර ඊට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය. ආරම්භක පිතිකරු ජේසන් රෝයි පන්දු 42 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 60 ක්ද, රිධිමන් සාහා පන්දු 11 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 18 ක්ද රැුස්කරමින් විලියම්සන්ට අනගි සහායක් දුන්හ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම  ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 164 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ නායක සංජු සැම්සන් පන්දු 57 කදී ලකුණු 82 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි. 

යශස්වි ජයිස්වාල් (36) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සැම්සන්, ඉන් නොනැවතී මහීපාල් ලොම්රර් (නොදැවී 29) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ලකුණු 84 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් රාජස්ථාන් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. 

පන්දු 23 කදී වාර්තා වූ ජයිස්වාල්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 28 කදී වාර්තා වූ ලොම්රර්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහරකින් සමන්විත විය. රාජස්ථාන් ඉනිමේ අවසන්  ඕවරය ලකුණු 4 කට සීමාකළ සිද්ධාර්ත් කෞල් එහිදී සැම්සන් සහ රාහුල් තේවතියා පිටියෙන් ඉවත් කිරීමටද සමත් විය. 

රාජස්ථාන් රෝයල්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 5 කට 164 
(යශස්වි ජයිස්වාල් 36, සංජු සැම්සන් 82, මහීපාල් ලොම්රර් නොදැවී 29, සිද්ධාර්ත් කෞල් 26/2) 

සන්රයිසස් හයිද්‍රාබාද් පිල -  ඕවර 18.3 කදී කඩුලූ 3 කට 167
(ජේසන් රෝයි 60, රිධිමන් සාහා 18, කේන් විලියම්සන් නොදැවී 51, අභිෂේක් ශර්මා නොදැවී 21) 

 

 

-036

 


අදහස් (0)

හයිද්‍රාබාද් පිල දෙවැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.