Last Update  :  2024-05-14 18:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සොහාන් - පැතුම් - ශිරාස් ගාල්ල ඔසවා තබති
ජාතික සුපිරි ලීගය - 2023

සොහාන් - පැතුම් - ශිරාස් ගාල්ල ඔසවා තබති

editorial - 2023 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ යාපනය කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ පළමු දිනය වූ අද (16 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ගාල්ල කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 193 ක් ලබා සිටියේය.

ඒ අනුව ගාල්ල කණ්ඩායම තවත් කඩුලු 6 ක් අතැතිව යාපනය කණ්ඩායමට වඩා ලකුණු 63 ක් ඉදිරියෙන් සිටින අතර පළමු දිනය නිමාවට පත්වන විට සොහාන් ද ලිවේරා හතරේ පහර 12 ක් සමග නොදැවී ලකුණු 105 ක්ද, පැතුම් කුමාර හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 42 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව ගාල්ල ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 126 කි.

පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය කණ්ඩායමට මොහොමඩ් ශිරාස් ප්‍රමුඛ ගාල්ල පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත හැකි වූයේ ලකුණු 130 ක් පමණි. එහිදී ලකුණු 60 කට කඩුලු 5 ක් බිඳහෙළීමට ශිරාස් සමත් වූයේ යාපන ඉනිමේ මුල් පෙළ කඩුලු 4 ක්ද සමගිනි.


යාපනය පළමු ඉනිම - ඕවර 38 කදී සියලු දෙනා දැවී 130
(නවෝද් පරණවිතාන 39, ජනිත් ලියනගේ 20, බිනුර ප්‍රනාන්දු 37, මොහොමඩ් ශිරාස් 60/5, කෞමාල් නානායක්කාර 13/2, අකිල ධනංජය 24/2)

ගාල්ල පළමු ඉනිම - ඕවර 49 කදී කඩුලු 4 ක් දැවී 193
(සොහාන් ද ලිවේරා නොදැවී 105, ලක්ෂාන් එදිරිසිංහ 16, පසිඳු සූරියබණ්ඩාර 16, පැතුම් කුමාර නොදැවී 42, ළහිරු මධුෂංක 35/2)



අදහස් (0)

සොහාන් - පැතුම් - ශිරාස් ගාල්ල ඔසවා තබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.