Last Update  :  2024-05-17 10:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සෙරීනා විම්බල්ඩන් ඉතිහාසය ලියයි

සෙරීනා විම්බල්ඩන් ඉතිහාසය ලියයි

Dilrukshi - 2015 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


වසර 15 ක් පුරා ලෝක ටෙනිස් පිටියේ සිය අනභිබවනීත්වය යළිත් වතාවක් තහවුරු කරමින් විම්බල්ඩන් කාන්තා කේවල ටෙනිස් කිරුළ 6 වැනි වරටත් දිනා ගැනීමට අමෙරිකාවේ සෙරීනා විලියම්ස් ඊයේ (11) සමත්වූවාය. දකුණු ලන්ඩනයේ

විම්බල්ඩන් පිටියේ රැුස්ව සිටි දහස් සංඛ්‍යාත කී‍්‍රඩාලෝලීන් සාක්ෂිකරුවන් බවට පත්කළ අවසන් මහා තරගයේ දී සටනකින් තොරවම තරග වට 6-4 ක් සහ 6-4 ක් ලෙස ස්පාඤ්ඤයේ ගර්බින් මුගුරුසා පරාජයට පත්වූවාය.


කුඩා වියේ  සිටම සිය ටෙනිස් වීරවරිය වූ සෙරීනා හමුවේ සිය මුල්ම ග‍්‍රෑන්ඞ් ස්ලෑම් වර්ගයේ අවසන් මහා තරගයයේදී තරග කරන්නට වීම නිසා මේ 21 හැවිරිදි යොවුන් කී‍්‍රඩිකාව තරගය පුරා සිටියේ වෙනම ලෝකයකය.


අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ දින සිටම ඇය මේ තරගය ගැන විවිධ ප‍්‍රකාශ නිකුත් කරන්නට ගැනීමත් සමග සෙරීනාට තරගය ලෙහෙසි එකක් නොවනු ඇතැයි ඇතැම්හු සිතූහ. එහෙත් කෝඩුකාර දැරියගේ ප‍්‍රකාශ සිනහවෙන් යුතුව බැහැර කළ 33 හැවිරිදි සෙරීනා තරගය ගැන කොහෙත්ම උදම් අනන්නට ගියේ නැත. ඇය ඒ ටික කළේ විම්බල්ඩන් කිරුළට අත තැබුවාට පසුවය.


”ග‍්‍රෑන්ඞ් ස්ලෑම් තරගවාරයේ ආරම්භය වූ ගිය අවුරුද්දේ අමෙරිකානු විවෘත ටෙනිස් කිරුළ දිනාගත් මොහොතේ ඇත්තටම මම නම් හිතුවේ නෑ මාධ්‍ය ඔය කියන විදිහට ‘සෙරීනා ස්ලෑම්’ එකක් දිනාගන්න ලැබේවි කියලා”
සෙරීනා එසේ කීවේ එම විරල වාර්තාවට දෙවැනි වරටත් හිමිකම් කීම ගැනය.


ඇය ඊට පෙර ග‍්‍රෑන්ඞ් ස්ලෑම් තරග වාරයේ ඉසව් 4 ම ජයගත්තේ 2002-03 කාලයේදීය. පසුගිය වසරේ විම්බල්ඩන් තරගාවලියේ තුන්වැනි වටයේ දීම  ඉවතට විසිවූ ඇය මෙවර ඒ සියලූ දුර්වලතා ඉතා හොඳින් නිවැරැුදි කරගත් බවත් ඇය කීවාය. ඊයේ අවසන් මහා තරගයේදිත්, ඉන් අනතුරුව ටික වේලාවක් ගතවනතුරු පිටිය සිසාරා ඇසුණේ සෙරීනාගේ ජයග‍්‍රාහී කෑ ගැසීමය.


තරගය පුරා සෙරීනාගේ ප‍්‍රහාර හමුවේ දැඩි පසුබෑමකට ලක්ව සිටියත් මුගුරුසා සිය පරාජය ඉතා සතුටින් බාරගෙන තිබිණි. මෙවර තරගාවලියට එක්වන විට ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 20 වැනි තැන සිටි ඇය විම්බල්ඩන් අනුශූරිය වීමත් සමග හොඳම කී‍්‍රඩිකාවන් දසදෙනා අතරට එක්වීමට සමත්ව සිටින්නීය.
”තරගය පැරදුණා කියලා මට නම් කිසිම දුකක් නෑ”


”ග‍්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් තරගයකට කි‍්‍රඩා කරන්න ලැබෙන්නේ කීයෙන් කීදෙනාටද.. නමුත් තමන් කාටද දිනන්න  ඕනා කාටද පරිදින්න  ඕනා කියලා තෝරගන්න වෙනවා නම් මම තෝරගන්නෙ සෙරීනාවයි” ඇය කියන්නීය.


සෙරීනා දැන් ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 21 කට හිමිකම් කියන්නීය. වැඩිම ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා දිනාගත් කී‍්‍රඩිකාවන් අතර දෙවැනි තැන පසුවන ස්ටෙෆී ග‍්‍රාෆ්ට වඩා එකක් අඩුවෙනි. වසර 1968 දී විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය ප‍්‍රවීන හා ආධුනික සියලූදෙනාටම තරග කළ හැකි එකක් බවට පත්කිරීමෙන් පසුව  එය දිනාගත් වයස්ගතම කී‍්‍රඩිකාව ලෙසද සෙරීනා ඊයේ වාර්තාපොත අලූත් කළාය. ඇය විසින් බිඳ දමනු ලැබුවේ විශිෂ්ට කී‍්‍රඩිකා මාටිනා නව්රතිලෝවාගේ වාර්තාවකි.


”සෙරීනා අපට පෙන්වූයේ ඔබට ගැහැණියක් විදිහට දැඩි හිතක් තියෙන කෙනෙක්, නිර්භීත කෙනෙක්, ධෛර්යසම්පන්න කෙනෙක් වගේම තරගාකාරිනියක් වෙන්නත් පුලූවන් කියලයි”


ටෙනිස් පිටියේ හිටපු අංක එකේ කී‍්‍රඩිකාවක වන ලින්ඞ්සේ ඩෙවන්පෝර්ට් එසේ කීවාය.


”මේ තරගාවලිය පුරා ඇය තරම් හොඳින් කී‍්‍රඩා කළ කිසිවකු මා දුටුවේ නෑ. ඒත් ඇය පෙන්වූයෙත් ඇගේ දස්කම්වලින් සියයට 80 පමණයි” ලින්ඞ්සේ ඩෙවන්පෝර්ට් කීවය.


 සෙරීනා විලියම්ස්ගේ මේ විශිෂ්ට ජයග‍්‍රහණය ඇගේ අපරාජිත තරග වාර්තාවට ද වැදගත් තැනක් ලබා දෙන්නකි. ලෝක කාන්තා ටෙනිස් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම කී‍්‍රඩිකාව ඇය විය නොහැකිදැයි ඊයේ තරගයෙන් පසුව කනින් කොනින් ඇසෙන්නට විය.


සෙරීනාට තරම් දීර්ඝ අපරාජිත තරග වාර්තාවක් ඇති කී‍්‍රිඩිකාවක නොමැති තරම්ය. ටෙනිස් කී‍්‍රඩාවෙන් පිට ගත්තත් ඇයට සමාන කරන්න කිසිවකු නොමැති තරම්ය. ලෝක පූජිත ගොල්ෆ් කි‍්‍රඩක ටයිගර් වුඞ් සිය පළමු ප‍්‍රධාන මට්ටමේ ශූරතාව 1997 දී දිනාගත් අතර අවසන් ශූරතාවට හිමිකම් කීවේ 2008 දීය.


සෙරීනා සිය පළමු ග‍්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළ දිනාගනිද්දී පෘතුගාලයේ පාපන්දු වීරයා වන කි‍්‍රස්ටියානෝ රොනල්ඩෝගේ වයස අවුරුදු 14 කි. ආජන්ටිනාවේ සුපිරි කී‍්‍රඩක ලයනල් මෙසි අවුරුදු 12 ක හුරුබුහුටි කොල්ලෙකි.


අද වන විට කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ සහ ලයනල් මෙසී ලෝකයේ විශිෂ්ටතම කී‍්‍රඩකයන් වී හමාරය. එහෙත් සෙරීනා තවමත් එම තත්ත්වයේම සිටිමින් දස්කම් රඳවාගෙන සිටී.

 

 

- 077


අදහස් (0)

සෙරීනා විම්බල්ඩන් ඉතිහාසය ලියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.