Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සෙරීනා පහසුවෙන්ම තුන්වැනි වටයට

සෙරීනා පහසුවෙන්ම තුන්වැනි වටයට

ශනුක අරවින්ද - 2015 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හංගේරියාවේ ටිමියා බාඩොස් ලකුණු 6-4 ක් සහ 6-1 ක් ලෙස ඉතා පහසුවෙන් පරාජය කරමින් විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියේ තුන්වැනි වටයට පිවිසීමට අමෙරිකාවේ සෙරීනා විලියම්ස් සමත්වූවාය. කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන සෙරීනා පසුගිය මස පැවැති ප‍්‍රංශ විවෘත ශූරතාවලිය ජයගත් කී‍්‍රඩිකාව වන අතර ඇය මේ සොයා යන්නේ හයවැනි විම්බල්ඩන් ශූරතාවයි.

තුන්වැනි වටයට පිවිසීමට වැඩි කාලවේලාවක් නාස්ති නොකළ සෙරීනා මේ තරගය ජයග‍්‍රහණයෙන් නිමාවට පත්කළේ පැයකට ඔන්න මෙන්න කියා තිබියදීය.

ලොව නොම්මර එකේ කී‍්‍රිඩිකාව හා විම්බල්ඩන් ශූරතා 5 කට හිමිකම් කියන සෙරීනාට සිය තරගයට වැඩි කාලයක් වැය කිරීමට හිතක් තිබුණේම නැත.

මේ අමෙරිකානු කී‍්‍රිඩිකාව ලෝක ශ්‍රේණිගත කිරිම්වල 93 වැනි තැන සිටින හංගේරියානු කී‍්‍රිඩිකාව පරදවමින් පළමු වටය  නිමාවට පත්කළේ මිනිත්තු 34 කිනි.

දෙවැනි වටයට පිවිසෙද්දී ප‍්‍රතිවාදී කී‍්‍රඩිකාවගෙන් ඇයට කිසිදු අනතුරක සේයාවක් දක්නට ලැබුණේ නැති තරම්ය.

”නිසැකවම මම හොඳින් සෙල්ලම් කරමිනුයි ඉන්නේ. එයා එච්චර තරගයක් දුන්නේ නෑ” විලියම්ස් කීවේ මිනිත්තු 59 කින් තරගය නිමාකොට පිටියෙන් ඉවතට පැමිණියාට පසුවය.

තරගයේ සිය පළමු පිරිනැමීමේ දීම බාඩොස් තම ප‍්‍රහාරයේ තරම සෙරීනාට පෙන්වූ අතර තරගයේ මැදභාගයට යද්දී ඇය ලොව සුපිරි කී‍්‍රඩිකාවගේ අති භයංකාර ප‍්‍රහාරවලින් හොඳහැටි හෙම්බත්වී සිටියාය.

තුන්වැනි වටයේ දී සෙරීනාගේ ප‍්‍රතිවාදි කී‍්‍රඩිකාව වනු ඇත්තේ බි‍්‍රතාන්‍යයේ හෙදර් වොට්සන්ය. දෙවැනි වටයට පිවිසි එකම බි‍්‍රතාන්‍ය කී‍්‍රඩිකාව ඇයයි. හෙදර් හමුවේ ලකුණු 6-4කින් සහ 6-2කින් පරාජයට පත්වූයේ ලොව හිටපු අංක 5 කී‍්‍රඩිකාව ස්ලෝවේකියාවේ ඩැනියෙලා හැන්ටුචෝවා ය.

”මම එයාව (හෙදර්) කොහොමටවත් දැනගෙන උන්නේ නෑ. මම ඉස්සෙල්ලාම එයාව දැක්කේ කී‍්‍රඩිකාවන්ගේ කුටියේදියි. නිතරම හිනාවෙවි ඉන්න එයා හරි හුරුබුහුටි කෙනෙක් වගේයි” සෙරීනා මාධ්‍ය හමුවේ දී එසේ කීවාය.

”වීනස් නම් එයාට එරෙහිව කී‍්‍රඩා කරලා තියෙනවා කියලා මං දන්නවා. මම ඒ තරගය කිහිප වතාවක්ම දැකලා තියෙනවා”

”මම හිතන්නේ එයා තණකොළ සහිත පිටියේ දී හොඳට සෙල්ලම් කරනවා කියලයි. ඉතින් මම දන්නවා ඒ තරගය එතරම් ලෙහෙසි එකක් නොවන බව. එයා අද හොඳ ජයක් ලැබුවා. එයාට නැතිවෙන්න දෙයක් නෑ. කොහොමහරි ඉස්සරහට යන්නයි එයාගේ අදහස.” සෙරීනා කීවාය.

-077

 


අදහස් (0)

සෙරීනා පහසුවෙන්ම තුන්වැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.