Last Update  :  2026-02-25 19:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සුලෝහිත සංග්‍රාමය නරඹන්න ආදි සිසුවෝ ඕස්ට්‍රේලියාවේ සිට එති

සුලෝහිත සංග්‍රාමය නරඹන්න ආදි සිසුවෝ ඕස්ට්‍රේලියාවේ සිට එති

editorial - 2026 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

( කටුනායක ටී.කේ.ජී.කපිල )

කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාල අතර පැවැත්වෙන 96 වැනි සුලෝහිත සංග්‍රාමය නැරඹීම සඳහා ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින, එම විදුහල් වල ආදී සිසුන් 60 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් 24 දා රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියේය. එම ආදී සිසු පිරිස සමග ඔවුන්ගේ පවුල් වල සාමාජිකයෝ ද පැමිණ සිටියහ .

ඔවුන් සදහා පළමු වරට ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ මිළ ගනන් යටතේ ගුවන් ගමන් පහසුකම් සළසා දී තිබුණි .

මෙම ආනන්ද - නාලන්ද සුලෝහිත සංග්‍රාමය සිංහල ක්‍රිකට් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේ දී  මේ මස 27, 28 සහ 01 දිනවලදී පැවැත්වේ. එක් දින  සීමිත ඕවර් 50 තරගය පළමු වතාවට දිවා රාත්‍රී තරගයක් ලෙස මාර්තු 07 වැනිදා එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය .


අදහස් (0)

සුලෝහිත සංග්‍රාමය නරඹන්න ආදි සිසුවෝ ඕස්ට්‍රේලියාවේ සිට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.