Last Update  :  2026-04-10 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කුසල් මෙන්ඩිස්ගෙන් අගනා ශතකයක්

කුසල් මෙන්ඩිස්ගෙන් අගනා ශතකයක්

editorial - 2026 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


පාකිස්තාන සුපිරි ලීගය යටතේ කරච්චි කින්ග්ස් කණ්ඩායමට එරෙහිව කරච්චි නුවරදී ඊයේ (9 වැනිදා) පැවැති තරගයේදී අගනා ශතකයක් ලබාගැනීමට පේෂාවර් සල්මි කණ්ඩායමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සමත් විය. ඔහුගේ ශතකය සහ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ මෙම තරගයේදී ලකුණු 159 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමටද පේෂාවර් කණ්ඩායමට හැකි විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් පේෂාවර් සල්මි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 246 ක් ලබාගත් අතර එහිදී කුසල් පන්දු 52 කට මුහුණ දෙමින් හයේ පහර 4 ක් සහ හතරේ පහර 14 ක් සමග ලකුණු 109 ක් රැස්කළේය. නායක බාබර් අසාම් (නොදැවී 87) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 97 කදී ලකුණු 191 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැගීමටද කුසල් සමත් විය. 

පේෂාවර් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ආරම්භක පිතිකරු බාබර් අසාම්, පන්දු 51 කදී වාර්තා වූ සිය අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 10 කින් අලංකාර කළේය. අවසන් ඕවර කිහිපයේදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ අබ්දුල් සමාඩ් පන්දු 12 කින් නොදැවී ලකුණු 40 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. 

ජයග්‍රහණය සඳහා ලකුණු 247 ක ඉලක්කයක් හඹාගිය කරච්චි කින්ග්ස් කණ්ඩායමට ඕවර 16.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 87 ක් පමණි. කරච්චි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අසාම් ඛාන් පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 25 ක් රැස්කළේය. නහිඩ් රානා, ඉෆ්තිකාර් අහමඩ් සහ සුෆියාන් මුකීම් කඩුලු 3 බැගින් බිඳහෙළමින් කරච්චි ඉනිම සුනුවිසුණු කර දැමූහ. 


පේෂාවර් සල්මි පිල - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 246 
(බාබර් අසාම් නොදැවී 87, කුසල් මෙන්ඩිස් 109, අබ්දුල් සමාඩ් නොදැවී 40, අබ්බාස් අෆ්රිඩි 55/2) 

කරච්චි කින්ග්ස් පිල - ඕවර 16.1 කදී සියලු දෙනා දැවී 87 
(අසාම් ඛාන් 25, නහිඩ් රානා 07/3, ඉෆ්තිකාර් අහමඩ් 09/3, සුෆියාන් මුකීම් 18/3) 

-036 


අදහස් (0)

කුසල් මෙන්ඩිස්ගෙන් අගනා ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.