Last Update  :  2026-01-13 19:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සුනිල් - බිමල් තියුණු සටනක

සුනිල් - බිමල් තියුණු සටනක

editorial - 2026 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ මෙතෙක් දින නියමවී නැති නිලවරණය (2025 - 27) සදහා නාමයෝජනා බාරදී තිබුනත් ඊයේ (12) අවසන් විය.එහිදී අපේක්ෂකයන් සිව් දෙනෙකු සභාපති ධූරයට නාමයෝජනා භාරදී සිටියත් මෙවර නිලවරණය දෙකොන් සටනක් බවට පත්වනු ඇතැයි වාර්තාවේ.

ඒ සභාපති අපේක්ෂකයන් වන සුනිල් ගුණවර්ධන මහතාගේ පාර්ශවය හා බිමල් ව්ජයසිංහ මහතාගේ පාර්ශවය අතරයි.සෙසු සභාපති අපේක්ෂකයන් ඔවුන් දෙදෙනාට සහය පළ කරමින් නිලවරණය කැදවෙන අවස්ථාවේදී නාමයෝජනා ඉවත් කර ගනු ඇතැයි ද වාර්තාවේ.

මෙවර නිලවරණයට ඉදිරිපත්ව සිටින සුනිල් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ (එවකට සංගමය) හිටපු සභාපතිවරයෙකි. වසර 2000 - 01 එහි සභාපති ධූරය දැරූ ඔහු ට්‍රැක් මාස්ටර්ස් ක්‍රීඩා සමාජයේ වත්මන් සහාපතිවරයායි.මෙරට නම ගිය මලල ක්‍රීඩා පුහුණුකරුවෙකි.

මෙවර නිලවරණය ගුණවර්ධන මහතා  ජය ගත හොත් වසර 25 කට පසුව මලල ක්‍රීඩා ආයතනයේ මුල් පුටුවේ අසුන් ගැනීමේ අවස්ථාවක් යළිත් ඔහුට හිමිව තිබේ.ඕල්කට් පාසල් එකමුතුවේ සභාපති ධූරය දරන සභාපති අපේක්ෂක බිමල් විජයසිංහ මහතා මලල ක්‍රීඩා පරිපාලනයට නවකයෙකි.

වෙළද සේවා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ප්‍රසන්න ඉන්දික හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ අධ්‍යක්ෂ සුගත් කුමාර ගලගමගේ යන මහත්වරු මෙවර මලල ක්‍රීඩා නිලවරණයට ඉදිරිපත්ව සිටින සෙසු සභාපති අපේක්ෂකයෝ වෙති.

පසුගිය 2025 අගෝස්තු 18 වැනිදා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය ( 2925 -27) කැදවීමට සියළු කටයුතු සම්පූර්ණ කර තිබියදී ක්‍රීඩා අමාත්‍යාංශය අවසන් මොහොතේ එය අත් හිටුවණු ලැබීය. අනතුරුව අගොස්තු 25 වැනිදා ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයකින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ පරිපාලන කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා භාරයට තාවකාළිකව පවරා ගැණුනි.

කෙසේවූවත් නාමයෝජනා ඉදිරිපත් කිරීම සදහා ලබා දුන් කාලය ප්‍රමාණවත් නොවූ බවට ඇතැම් මලල ක්‍රීඩා සංගම් නියෝජිතයන් ගෙන් නිලවරණ කමිටුවට චෝදනා එල්ලවූ බවද වාර්තාවේ.ඒ සදහා  වැඩ කරන දින හතක කාලයක් වෙන් කළ යුතු වූවත් නිලවරණ කමිටුව ඊට සති අන්තයේ (නිවාඩු) දිනත් යොදා ගෙන ඇතැයි එහිදී චෝදනා එල්ලවී තිබේ.

 

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණයට

(2025 - 27) ඉදිරිපත්වූ නාමයෝජනා

* සභාපති ධූරයට : - බිමල් විජයසිංහ (රත්නපුරය), සුනිල් ගුණවර්ධන ( ට්‍රැක් මාස්ටර්ස්), ප්‍රසන්න ඉන්දික (වෙළද සේවා), හානියක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.ජගත් කුමාර (මාතර)

* ප්‍රධාන ලේකම් ධූරයට : - එන්.එස්.ඒ මාධව බන්ඩාර සෙනරත් (කොළඹ), සමීර පෙරේරා (ශ්‍රී ලක්) හා වෛද්‍ය ධම්මික සේනානායක (කෑගල්ල)

 * භාංඩාගාරික ධූරයට : - එච්.ආර්.ජේ.හේවගේ (ට්‍රැක් මාස්ටර්ස්) හා රසිකා නිලංගනී (රත්නපුරය),

* උප සභාපති ධූර ( 2) : - ජගත් ඥාණසිරි සිල්වා (කොළඹ), ජයන්ත සියමුදලි (රත්නපුරය), ප්‍රසන්න අළුවිහාරේ (මාතලේ), අයිරාංගනී රූපසිංහ (ශ්‍රී ලක්), ගීතිකා ජයතිලක (යුද හමුදාව), ප්‍රසන්න ඉන්දික (වෙළද සේවා) හා ලාල් චන්ද්‍රකුමාර (කුරුණෑගල)

* උප ලේකම් ධූරයට : - ඇලෝයි නිෂාන්ත වික්‍රමසිංහ (පොළොන්නරුව), වෛද්‍ය ධම්මික සේනානායක (කෑගල්ල), සමීර පෙරේරා (ශ්‍රී ලක්) හා කේ.ඒ.මහේෂ් ගුණරත්න (වෙළද සේවා)

* උප භාංඩාගාරික ධූරයට : - බී.සී.සරුක්කලී (ඒසස්), යූ.ජී. වික්‍රමසිංහ  (ජනසතු සේවා), එම්.කේ.ශාන්ත ද සිල්වා (රාජ්‍ය  සේවා) හා එච්.ඒ.උපාලී (ප්‍රවීනයන්ගේ)

* දත්ත සටහන්කරු  ධූරයට : -එස්.එම්.ඒ.බී.බන්ඩාර (විශ්ව විද්‍යාල) හා ෂෙහාන් අඹේපිටිය (ට්‍රැක් මාස්ටර්ස්)

 * විධායක සභික ධූර (8) : - නාම යෝජනා 23 ක් ඉදිරිපත් කර තිබේ.


අදහස් (0)

සුනිල් - බිමල් තියුණු සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.