Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සීමිත ඕවර තරගයේ ජයත් සෙබස්තියානුවන්ට

සීමිත ඕවර තරගයේ ජයත් සෙබස්තියානුවන්ට

editorial - 2024 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ජානක සිල්වාගේ (65) අර්ධ ශතකයත්, විමත් දින්සර (44) ඇතුළු මැද පෙළ පිතිකරුවන්ගේ ස්ථාවර පිතිහරඹයත් නිසා ලබාගත් ලකුණු සංඛ්‍යාව හේතුවෙන් කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති වාර්ෂික සීමිත ඕවර තරගයේදී වේල්ස් කුමර විදුහල පරදවමින් මොරටුව ශාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ ලකුණු 20 ක ජයක් අත්කර ගත්හ. පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත සෙබස්තියන් විදුහල ලකුණු 265 ක් ලබාගත් අතර වේල්ස් කුමරුවෝ ඕවර 47.3 කදී ලකුණු 245 කට දැවී ගියහ. 

සිකුරාදා සහ සෙනසුරාදා (8 සහ 9) දිනවල මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැති 74 වැනි මොරටු රන් හටනේ ජයග්‍රහණයත් ශාන්ත සෙබස්තියන් විදුහල සතුවිය. 

කාසියේ වාසිය දිනාගත් වේල්ස් කුමර විදුහල පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් නමුත් ජානක සිල්වා සහ රයාන් දිසානායක එක්ව පන්දු 38 කදී ලකුණු 54 ක් පුවරුවට එකතු කළහ. දිසානායක දැවී යාමෙන් පසුව පැමිණි විමත් දින්සර ස්ථාවර පිතිහරඹයක නිරත වෙද්දී ආරම්භක පිතිකරු ජානක වේගයෙන් ලකුණු රැස්කරන්නට විය. ජානක සිල්වා පන්දු 86 කදී ලබාගත් ලකුණු 65 හතරේ පහර 10 කින් සමන්විත වූ අතර ජානක සහ විමත් අතර පැවැති දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 84 කි. 

ජානක දැවී යන විටත් ඕවරයකදී ලකුණු 5.11 කට ආසන්න ලකුණු වේගයක් තිබූ බැවින් සෙසු සෙබස්තියානුවෝ නිර්භයව පන්දුවට පහර දෙමින් ලකුණු 265 ක් කරා තම පිල කැඳවාගෙන ගියහ. 

වේල්ස් කුමර විදුහල වෙනුවෙන් රිවිත් ජයසූරිය (57) සහ රුසඳු සිල්වා (41) එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 98 ක සම්බන්ධතාවක් පවත්වමින්, සාර්ථක ආරම්භයක් ලබාගත් නමුත් මැද පෙළ පිතිහරඹය පාලනය කරගැනීමට සෙබස්තියානු පන්දු යවන්නෝ පියවර ගත්හ. රිවිත් ජයසූරියගේ ලකුණු 57 ට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය. 

ශාන්ත සෙබස්තියන් විදුහල - ඕර 49.2 කදී සියලු දෙනා දැවී 265 
(ජානක සිල්වා 65, රයාන් දිසානායක 21, විමත් දින්සර 44, අදේශ් අල්මේදා 32, තරිඳු ඩිලංක 40, නදීශ් ප්‍රනාන්දු 26, මනූජ චන්තුක 15, උනෙත් පීරිස් 37/2, අචල පෙරේරා 48/2, සුවහස් ප්‍රනාන්දු 41/2)

වේල්ස් කුමර විදුහල - ඕවර 47.3 කදී සියලු දෙන දැවී 245 
(රිවිත් ජයසූරිය 57, රූසඳු සිල්වා 41, සචිර ඩේමියන් 38, සුවහස් ප්‍රනාන්දු 14, පසන් කුරේ 13, අචල පෙරේරා 31, උනෙත් පීරිස් 30, අදේශ් අල්මේදා 61/2, මලින්ත සිල්වා 39/2, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු 39/2)

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


අදහස් (0)

සීමිත ඕවර තරගයේ ජයත් සෙබස්තියානුවන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.