Last Update  :  2026-01-05 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී.එච්. පිලෙන් යුද හමුදාවට ප්‍රහාරයක්

සී.එච්. පිලෙන් යුද හමුදාවට ප්‍රහාරයක්

editorial - 2026 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ (2025-26) අටවැනි සතියේ තරගයක් ලෙස සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව අතර අද (2 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 43-25 ක ජයක් වාර්තා කිරීමට සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය. සී.එච්. කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ සිවුවැනි ජයග්‍රහණය මෙය විය.

යුද හමුදාවේ නිවස්න ක්‍රීඩාංගණය වූ පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධයේදී නිමාවට පත් වන විට සී.එච්. කණ්ඩායම ලකුණු 19-17 ක් ලෙස පෙරමුණ ගත්තේය. එහිදී සී.එච්. ක්‍රීඩකයන් ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත් අතර යුද හමුදා ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 2 ක් මගිනි.

දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වෙමින් ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් තවත් ලකුණු 24 ක් රැස්කිරීමට සී.එච්. ක්‍රීඩකයන් සමත් වෙද්දී, යුද හමුදා ක්‍රීඩකයන්ට උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 8 ක් පමණි. ඒ අනුව සී.එච්. කණ්ඩායමට මෙම තරගයෙන් ලකුණු 43-25 ක පහසු ජයක් හිමිවිය. 

මෙම තරගයේදී සී.එච්. ක්‍රීඩා සමාජයේ ප්‍රසාද මධුෂංක උත්සාහක දිනුම් 2 ක්ද, මලික්ෂ පෙරේරා, කවිඳු යසස්, ළහිරු තිලකරත්න, දේවින්ද රත්නායක සහ ජනිත චන්දිමාල් එක් උත්සාහක දිනුම බැගින්ද ලබාගත්හ. එහිදී කවිඳු යසස් සහ ජනිත චන්දිමාල් ප්‍රවර්ථන දෙක බැගින් සාර්ථක කරගැනීමට සමත් වූහ. 

යුද හමුදාව වෙනුවෙන් විනෝද් කුමාර් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් ලබාගැනීමට සමත්වූ අතර බුද්ධි ශ්‍රීමන්තද එක් උත්සාහක දිනුමක් වාර්තා කළේය. ඉන් එක් උත්සාහක දිනුමක ප්‍රවර්ථනයක් සහ යුද හමුදාවට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට දිනේෂ් වික්ටර් සමත් විය. 

 


අදහස් (0)

සී.එච්. පිලෙන් යුද හමුදාවට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.