Last Update  :  2026-01-11 22:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී.ආර්. පීලට 25-20 ක තියුණු ජයක්
අන්තර් සමාජ රග්බි

සී.ආර්. පීලට 25-20 ක තියුණු ජයක්

editorial - 2026 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ෂේන් සෙනෙවිරත්න

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය විසින් මෙහෙයවනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි ශූරතා ප්‍රමුඛපෙල රග්බි තරගාවලියේ පළමු අදියරේ තීරණාත්මක තරගයක් වු මහනුවර ක්‍රීඩා සමාජ පිලත් සී.ආර් ඇන්ඩ් එෆ්.සි. ක්‍රීඩා සමාජ පිලත් අතර නිත්තවෙල ක්‍රීඩා පිටියේදී පැවති තරඟයෙන් ලකුණු 25-20 ක තියුණු ජයක් වාර්තා කිරීමට සී.ආර්. පීල සමත් විය.

තරඟයේ පළමු අර්ධය පුරා ඇදහැලුණ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නිත්තවෙල ක්‍රීඩා පිටිය එකම ජලාශයක් මෙන් පැවති අතර මෙම තරගය පුරා මහනුවර ක්‍රීඩකයන් පන්දුව අතිනත යැවීමේදී දැක්වූ දුර්වලතා කැපී පෙනුණි. සීආර්. ක්‍රීඩකයන් තම අතපසුවීම් අවම කර ගනිමින් තරඟය පුරා මහනුවර ක්‍රීඩකයන්ට වඩා ඉදිරියෙන් සිටිමින් ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ගේ ඉලක්කය කරා යාමට සමත් විය.

ජයග්‍රාහී සී.ආර්. පිල ගෝල දිනුම් 02 ක් උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 02 ක් මගින් ලකුණ රැස්කළ අතර මහනුවර පිල ගෝල දිනුමක් උත්සහක දිනුම් 02 ක් සහ එක් දඬුවම් පහරක් මගින් ලකුණු රැස් කළේය.

ප්‍රථම අර්ධ නිමා වන විට ලකුණු 17-13 ක් ලෙස සී.ආර්. පිල ඉදිරියෙන් විය.

මෙම තරඟයේදී මහනුවර පිල ලැබූ පරාජයත් සමඟ සුපිරි වටයට පැමිණීම සඳහා ඉදිරියෙන් සිටින කණ්ඩායම් හතරම පළමු වටේ දී එක් තරඟය බැගින් පරාජය වී සිටීමද විශේෂත්වයකි.

තරග විනිසුරු රවින් ඇලෙක්සැන්ඩර් මහතාගේ ප්‍රථම නළා හඬින් තරගය ආරම්භ වී පළමු විනාඩියේම සී.ආර් ක්‍රීඩා සමාජ පිල වෙත මීටර් 40 සීමාවේදී ප්‍රධානය කරන ලද දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට චාමර සෙනවිරත්න  ක්‍රීඩකයා සමත් වීමත් සමග ප්‍රථමයෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමේ ගෞරවය සී.ආර්. පිල හිමිකර ගත්තේය. ඉන් විනාඩි පහකට පසු මට සීඩී එකාගෙ නම තියෙන්නේ මේක

තරඟයේ 05 වැනි විනාඩියේදී විනාඩි පහකට පසුව සී.ආර්. පිලේ විදේශීය ක්‍රීඩක එනාසි වකවාණිසි ක්‍රීඩකයා විසින් උත්සාහය දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය චාමර සෙනවිරත්න විසින් සාර්ථක කරගන්නා ලදී.

තරඟයේ 15 වැනි විනාඩියේදී මහනුවර පිලේ ඩිල්ෂාන් ෆරිඩ් විසින් උත්සාහ දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය.

සී.ආර්. පිලේ නවින් මාරසිංහ විසින් 35 විනාඩියේ දී උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනයද චතුර විසින් සාර්ථක කරගන්නා ලදී.

ප්‍රථමාර්ගය නිමාවීමට මොහොතක් තිබියදී මහනුවර පිලේ සහිඩ් සුම්රි විසින් දඬුවම් පහරක් සාර්ථක කරගත් අතර ප්‍රථම අර්ධය නිමාවන විට ලකුණු 17-13 ක් වශයෙන් සී.ආර්. ඉදිරියෙන් විය.

දෙවැනි අර්ධය ආරම්භයේ පළමු විනාඩි යෙදීම සී.ආර්. පිල වෙත ප්‍රධානය කරන ලද දඩුවම් පහරක් චතුර විසින් සාර්ථක කරගන්නා ලදී. නැවතත් 15 වැනි විනාඩියේදී සී ආර් පෙලේ තේනුක නානායක්කාර විසින් උත්සාහ දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය.

තරගය නිමාවීමට විනාඩි පහක් පමණ ඉතිරිව තිබියදී මහනුවර ක්‍රීඩකයන් ප්‍රතිවාදී ලකුණු සීමාව ආක්‍රමණය කිරීමට ආසන්නව සිටියදී සී.ආර්. ක්‍රීඩකයන්ගේ නීති විරෝධී ක්‍රීඩා රටාවක් හේතුවෙන් මහනුවර පිල වෙත දඬුවම්  උත්සාහක දිනුමක් ප්‍රධානය කිරීමට තරඟ විනිසුරු වරයා පියවර ගත්තේය.

තරඟයේ අවසන් නලා හඬ නිකුත් වන විට ලකුණු 25-20 ක ජයක් සී.ආර්. පිල විසින් වාර්තාකර තිබුණි.

 


අදහස් (0)

සී.ආර්. පීලට 25-20 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.