Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී.ආර්. පිල අවසන් තරගයට
පිළිමළුන් පිටුදැකීමේ රග්බි

සී.ආර්. පිල අවසන් තරගයට

editorial - 2023 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පළමු අවසන්  පූර්ව තරගයේදී පොලිසියට එරෙහිව ලකුණු 23-20 ක තියුණු ජයක් වාර්තා කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අද (1 වැනිදා) සමත් විය.

කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-09 ක් ලෙස පොලිසිය  පෙරමුණ ගත්තේය. එහෙත් දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ සී.ආර්. ක්‍රීඩකයෝ ලකුණු 14 ක් රැස්කරමින් තරගයේ ජය තමන් සතුකර ගත්හ. එම අර්ධයේදී පොලිසියට ලබාගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි.

පළමු අර්ධයේදී දඬුවම් පහර 3 ක් මගින් ලකුණු රැස්කළ සී.ආර්. ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් 2 ක් මගින් ලකුණු රැස්කළහ. පළමු අර්ධයේදී ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු  ලබාගත් පොලිසිය, දෙවැනි අර්ධයේදී ලකුණු ලබාගත්තේද ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගිනි.

ලසිඳු කරුණාතිලක 70 වැනි විනාඩියේදීද, අමිත් ගුරුසිංහ 75 වැනි විනාඩියේදීද සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත්හ. එහි ප්‍රවර්ථන 2 සහ සිය කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර 3 න් 2 ක්ද සාර්ථක කරගැනීමට මොහාන් චතුර සමත් විය. සෙසු දඬුවම් පහර සාර්ථක කරගනු ලැබුවේ තේනුක නානායක්කාර විසිනි.

පොලිස් කණ්ඩායම වෙනුවෙන් දුලාංජන විජේසිංහ 29 වැනි විනාඩියේදීද, ප්‍රින්ස් චාමර 65 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත්හ. එම උත්සාහක දිනුම් දෙකෙහිම ප්‍රවර්ථනයන් මෙන්ම පොලිසියට හිමිවූ දඬුවම් පහර 2 ද සාර්ථක කරගනු ලැබුවේ ප්‍රින්ස් චාමර විසින්ය.

මෙම තරගයේදී සී.ආර්.  කණ්ඩායමේ වගීෂ වීරසිංහ (39 වැනි විනාඩියේදී), ලසිඳු කරුණාතිලක (58 වැනි විනාඩියේදී), එරන්ද හර්ෂණ (60 වැනි විනාඩියේදී)  විනිසුරුගේ දැඩි අවවාද සමග කහ පැහැති කාඩ්පත් ලැබූහ.

 


අදහස් (0)

සී.ආර්. පිල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.