Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී.ආර්. - නාවික හමුදා අවසන් සටන හෙට
පිළිමළුන් පිටුදැකීමේ රග්බි

සී.ආර්. - නාවික හමුදා අවසන් සටන හෙට

editorial - 2023 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2023 අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පළමු අවසන් මහ තරගය සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර‍ හෙට (5 වැනිදා) පස්වරු 4.00 සිට කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. 

මූලික වටයේදී නිතරග ජයක් ලබා අවසන් පූර්ව වටයට පිවිසි සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය, අවසන් මහ තරග‍යට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී පොලිසියට එරෙහිව ලකුණු 23-20 ක ජයක් වාර්තා කරමිනි.

මූලික වටයේදී ලකුණු 22-17 ක් ලෙස ගුවන් හමුදාව පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසි පොලිසිය, එහිදී යුද හමුදාවට එරෙහිව ලකුණු 16-13 ක ජයක් වාර්තා කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

මෙම කණ්ඩායම් දෙ‍කම 2000 වස‍රේ සිට මේ දක්වා පැවැති එක් අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියක හෝ ශූරයන් බවට පත්ව නොමැත.

මෙවර තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස නිපෝන් පේන්ට් සමාගම කටයුතු කරන අතර වෙබෙක්ස්පේ සහ සිද්ධාලේප සෙසු අනුග්‍රාහකයන් ලෙස තරගාවලියට එක්ව සිටියි. 


අදහස් (0)

සී.ආර්. - නාවික හමුදා අවසන් සටන හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.