Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී. ආර්. 23-19 කින් නාවික හමුදාව පරදවයි

සී. ආර්. 23-19 කින් නාවික හමුදාව පරදවයි

යොහාන් භාසුර - 2020 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලිය (2019-2020) දෙවැනි වටයේ තරග ආරම්භ කරමින් වැලිසරදී අද (25) පස්වරුවේ පැවැති තරගයෙන් සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල නාවික හමුදා පිලට එරෙහිව ලකුණු 23-19 ක තියුණු ජයක් ලැබීමට සමත් විය.

නාවික හමුදා ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-8 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටිය ද අවසන් මිනිත්තු දහයේදී සී. ආර්. පිල පෙරමුණ පැමිණියේය.  

චතුර සෙනෙවිරත්න තරගයේ හයවැනි මිනිත්තුවේදී නාවික හමුදා පිලට උත්සාහක දිනුමක් සම්පූර්ණ කිරීමත් සමඟ ලකුණු පුවරුව ක්‍රියාත්මක විය. ඉසුරු කෝන්ගහවත්ත එහි ගෝල ප්‍රවර්ථනය සාර්ථක කිරීමත් සමඟ නාවික හමුදාව ලකණු 7-0 කින් පෙරමුණට පැමිණියේය.
සී. ආර්. පිලට 15 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර රීසා රෆයිඩීන් සාර්ත කිරීමෙන් ලකුණු පුවරුව 7-3 ක් බවට පත්විය.

දේශාන් විමුක්ති 20 වැනි මිනිත්තුවේදී නාවික හමුදාවට දෙවැනි උත්සාහක දිනුම එකතු කළේය. ඉසුරු කෝන්ගහවත්ත එයට අතිරේක ලකුණු මුසුකිරීමෙන් ලකුණු තත්ත්වය 14-3 ක් බවට පත්විය.

නායක ඔමල්ක ගුණරත්න පළහු අර්ධයේ අවසන් මිනිත්තුවේදී සී. ආර්. පිලට උත්සාහක දිනුමක් එකතු කිරීමෙන් ලකුණු පුවරුව 14-8 ක් බවට පත්ව තිබුණි.

මුර්ෂීඞ් සුබයිර් දෙවැනි අර්ධයේ හයවැනි මිනිත්තුවේදී දඩුවම් පහරකින් සී. ආර්. පිලට ලකුණු තුනක් එකතු කිරීමෙන් ලකුණු තත්ත්වය 14-11 ක් බවට පත්විය.

රවීන් ද සිල්වා 61 වැනි මිනිත්තුවේදී නාවික හමුදා පිලට එකතු කළ උත්සාහක දිනුමෙන් ලකුණු පුවරුව නාවික හමුදා ලකුණු සංඛ්‍යාව 19 ක් බවට පත්විය.

සී. ආර්. පිල 69 වැනි මිනිත්තුවේ සිට මිනිත්තු නවයක් තුළ ලකුණු 12 ක් රැස්කරමින් ලකුණු 23-19 ක් ලෙස පෙරමුණ ගත්තේය.

එහිදී ජනිඳු ඩිල්ෂාන් සහ වජීද් පවුමි උත්සාහක දිනුම බැගින් සී. ආර්. පිලට එකතු කළහ. රීසා මුබාරක් ඉන් එක උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්ථනය කළේය.  

 


 

ඡායාරූප - විකුම් ප්‍රියදර්ශන


අදහස් (0)

සී. ආර්. 23-19 කින් නාවික හමුදාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.