Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සිම්බාබ්වේ ක්‍රීඩකයෝ දෙදෙනෙක් මත්ද්‍රව්‍ය පරීක්‍ෂණයකින් අසමත්

සිම්බාබ්වේ ක්‍රීඩකයෝ දෙදෙනෙක් මත්ද්‍රව්‍ය පරීක්‍ෂණයකින් අසමත්

editorial - 2023 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණයකින් අසමත් වී තිබේ. ක්‍රීඩකයන් දෙදෙනාම ජනවාරි 3 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන සිම්බ්බාවේ කණ්ඩායම සමගින් එක්වීමට සූදානමින් සිටි අය වූහ. 

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම් කොළඹදී එක්දින අන්තර්ජාතික තරග 3 කට සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 3 කට සහභාගි වීමට නියමිතය. 

“විනෝදය සඳහා මත්ද්‍රව්‍ය භාවිතය” හේතුවෙන් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට තහංචි පනවා ඇති බව සිම්බාබ්වේ ක්‍රිකට් (සංගමය) අද (21 වැනිදා) නිවේදනය කළේය. 

ඔවුන් විසින් ගන්නා ලද මත්ද්‍රව්‍ය කුමක් ද යන්න සිම්බාබ්වේ ක්‍රිකට් (සංගමය) හෙළිදරව් කර නැත. එහෙත් වෙස්ලි මාදේවෙරේ සහ බ්‍රෙන්ඩන් මවුටා දෙදෙනාම, තරගාවලි සමයෙන් පිටස්තරදී, අහම්බයෙන් කරනු ලබන, අභ්‍යන්තර තහනම් උත්තේජක පරීක්ෂණයකින් අසමත් වී ඇති බවත් සිම්බාබ්වේ ක්‍රිකට් නිවේදනය කරයි. 

23 හැවිරිදි මාදේවෙරේ ජාතික කණ්ඩායමේ නැගී එන තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ඔහු 2020 දී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් සිය මංගල හිස්වැස්ම දිනාගත් අතර එතැන් සිට ටෙස්ට් තරග 2 කට, එක්දින ජාත්‍යන්තර තරග 36 කට සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 60 කට ක්‍රීඩා කර තිබේ. මේ වන විට 26 හැවිරිදි මවුටා ටෙස්ට් තරග 4 ක්, එක්දින ජාත්‍යන්තර තරග 12 ක් සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 10 ක් ක්‍රීඩා කර තිබේ. 

ඔවුන් දෙදෙනාම මේ මාසයේ අයර්ලන්තයට එරෙහිව පැවති එක්දින තරගාවලිය සඳහා සිම්බාබ්වේ සංචිතයට ඇතුළත්ව සිටියහ. එම තරගාවලියේදී සිම්බාබ්වේ කණ්ඩායම 2-1ක් ලෙස පරාජයට පත් විය.

ලබන වසරේදී (2024) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් වීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමේ පුහුණුකරු ඬේවිඞ් හවුටන් දින කිහිපයකට පෙර සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේය. 

සිම්බාබ්වේ කණ්ඩායම එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් 11 වැනි ස්ථානයටත්, විස්සයි-20 ශ්‍රේණිගත කිරීම් අනුව 13 වැනි ස්ථානයටත් වැටී සිටී. 

- 213 


අදහස් (0)

සිම්බාබ්වේ ක්‍රීඩකයෝ දෙදෙනෙක් මත්ද්‍රව්‍ය පරීක්‍ෂණයකින් අසමත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.