Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සිකන්දර් රාසා එන ගමන්
එල්.පී.එල්. - 2022

සිකන්දර් රාසා එන ගමන්

editorial - 2022 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එල්.පී.එල්. (ලංකා ප්‍රිමියර් ලීග්) තරගාවලියට සහභාගි වීම සඳහා දඹුල්ල අවුරා කණ්ඩායම නියෝජනය කරන සිකන්දර් රාසා ශ්‍රී ලංකාව බලා පිටත්වී තිබේ.

සිම්බාබ්වේ ජාතිකයකු වන සිකන්දර් රාසා පාකිස්තානයේ සියොල්කොට් නුවර උපත ලද්දෙකි. දකුණතින් පිට දඟ පන්දු යවන රාසා ඉදිරිපෙළ පිතිකරුවෙකි. රාසා මීට පෙර එල්.පී.එල්. තරග වලදීත් දඹුල්ල (ජයන්ට්ස්) කණ්ඩායම නියෝජනය කර තිබේ.

වසර 2013 දී සිම්බාබ්වේ රාජ්‍යය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබාගත් සිකන්දර් රාසාට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇත්තේ තෘප්තිමත් අතීතයකි. වසර 2017 දී සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී සිකන්දර් රාසාගේ දස්කම් හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම තම රටෙන් පිටතදී පැවැති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියක මුල්ම තරගාවලි ජයග්‍රහණය ලබාගත්තේය.

- 213


අදහස් (0)

සිකන්දර් රාසා එන ගමන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.