Last Update  :  2026-01-11 20:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සා. තෝමස් කී‍්‍රඩකයෝ රජිව් ගාන්ධි ශූරතාව දිනති

සා. තෝමස් කී‍්‍රඩකයෝ රජිව් ගාන්ධි ශූරතාව දිනති

ශනුක අරවින්ද - 2013 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඉන්දියාවේ චන්දගාර්හිදී පැවැති රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලියේ අවසාන තරගයේදී බංග්ලාදේශය පරදවා ලකුණු 1 ක තියුණු ජයක් ලබාගත් ගල්කිස්ස සාන්ත තෝමස් කී‍්‍රඩකයෝ තරගාවලියේ ශූරතාව දිනාගත්හ.

ඔක්තෝම්බර් 2 වැනිදා සිට 6 වැනිදා දක්වා ඉන්දියාවේ චන්දිගාර්ත්හිදී 2 වන වරටත් පැවති මෙම තරගාවලිය සදහා ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, එක්සත් අරාබී එමීර් රාජ්‍යය සහ ශි‍්‍ර ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් 5 ක් තරග වැදුණහ. සෙසු රටවලින් වඩාත් විශාල ප‍්‍රදේශ නියෝජනය කරමින් ප‍්‍රාන්ත සහ ජාතික මට්ටමේ කණ්ඩායම් සහභාගි වුවද ශී‍්‍ර ලංකාව නියෝජනය කළේ සාන්ත තෝමස් විද්‍යාලයේ 17 න් පහළ කණ්ඩායමයි.

ශී‍්‍ර ලංකා පාසල් කි‍්‍රකට් සංගමය විසින් සංවිධානය කරන ලද 17 න් පහළ පළමුවැනි කොටසේ තරගාවලියේදී ශූරතාව දිනාගත්තේද සාන්ත තෝමස් කණ්ඩායමයි.
මූලික වටයේදී බංග්ලාදේශය හමුවේ ලකුණු 51 කින් පරාජයවු සාන්ත තෝමස් ක‍්‍රීඩකයෝ පකිස්ථානයට එරෙහි තරගය ලකුණු 63 කින්ද එක්සත් අරාබී එමීර් රාජ්‍යයට එරෙහි තරගය ලකුණු 43 කින්ද ජයගනිමින් අර්ධ අවසාන තරගයට සුදුසුකම් ලබා ගත්හ.

අර්ධ අවසාන තරගයේදී ලකුණු 4 කින් ඉන්දියාව පරාජය කරමින් සාන්ත තෝමස් කී‍්‍රඩකයෝ අවසාන තරගයට සුදුසුකම් ලබා ගත්හ.

අවසාන තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් සා.තෝමස් විද්‍යාලය  ඕවර් 25 අවසානයේ කඩුලු 7 ක් ලකුණු 121 ක් රැස්කරගත් අතර චෙනුර වික‍්‍රමසිංහ (41) සහ තරිදු රත්නායක (35) පිත්තෙන් දස්කම් දැක්වූහ.

ලකුණු 122 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයට ඕවර් 25 අවසානයේ ලබා ගතහැකිවුයේ කඩුලු 9 ක් දැවී ලකුණු 120 ක් පමණි. පා දග පන්දු යවමින් ලකුණු 23 කට කඩුලු 4 ක් ලබා ගත් සචිත ජයතිලක ජයග‍්‍රහණයේ නියමුවා විය.

අවසන් තරගයේ සහ තරගාවලියේ වීරයා ලෙස සචිත ජයතිලක සම්මාන දිනාගත් අතර දක්‍ෂතම පිතිකරුවා ලෙස ළහිරු  ඕපාත තේරී පත්විය. තරගාවලියේ දක්‍ෂතම කඩුලු රකින්නා ලෙස නවීද් ප‍්‍රනාන්දු සම්මාන ලබාගත්තේය.

අවසන් තරගයේ ලකුණු සැකෙවින්
 

සා. තෝමස් විදුහල  ඕවර 25 කදී කඩුලූ 7 ක් දැවී 121
(චෙනුර වික‍්‍රමසිංහ 41, තරිදු රත්නායක 35, සචිත ජයතිලක 19, අසීබ් හුසේන් 12/2)
 

බංග්ලාදේශය  ඕවර 25 කදී දී කඩුලූ 7 ක් දැවී 120
(මුසාබික් අහමඞ් 37, සචිත ජයතිලක 23/4)


 


අදහස් (0)

සා. තෝමස් කී‍්‍රඩකයෝ රජිව් ගාන්ධි ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.