Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ස්ලිම්ලයින් කඩු හරඹ ශූරතාව රැකගනී

ස්ලිම්ලයින් කඩු හරඹ ශූරතාව රැකගනී

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

තෙවැනි ජාතික කඩු හරඹ තරගාවලියේ සමස්ත ශූරතාව පිට පිටම තෙවැනි වරටත් දිනාගැනීමට ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය සමත්විය. එහි අනුශූරතාව යුනිචෙලා කී‍්‍රඩා සමාජය හිමිවූ අතර ඔවුන් ජාතික කඩු හරඹ තරගාවලියේ අනුශූරතාව දිනාගත්තේද පිට පිටම තෙවැනි වරටයි.  

දෙපිට මුවහත් අසිපත් (සේබර්) කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගත් යුනිචෙලා කී‍්‍රඩා සමාජයේ මංජුල ප‍්‍රනාන්දු තරගාවලියේ දක්ෂතම කඩු හරඹ ක‍්‍රීඩකයා ලෙසත්, එම කාණ්ඩයේම කාන්තා ශූරතාව දිනාගත් ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයේ අනුරුද්ධිකා ධනංජලී දක්ෂතම කඩු හරඹ කී‍්‍රඩිකාව ලෙසත් සම්මාන ලැබූහ.

පිරිමි කණ්ඩායම් තරගයේදී ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය පරාජය කිරීමට යුනිචෙලා කී‍්‍රඩා සමාජය සමත්වූ අතර කාන්තා කණ්ඩායම් තරගයේදී එම්. ඞී. එස්. කී‍්‍රඩා සමාජය පරාජය කිරීමට ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය සමත්විය.

මින් පෙර පැවැති ජාතික තරගාවලි දෙකේදී මෙන්ම මෙම තරගාවලියේදීද බර අසිපත් (එපී) කාණ්ඩයේ කාන්තා ශූරතාව තමන් සතුකර ගැනීමට ස්ලිම්ලයින් කි‍්‍රඩා සමජයේ නිරංජලා වීරරත්න සමත් වූවාය.

මෙම තරගාවලියේදී සැහැල්ලූ අසිපත් (ෆොයිල්), බර අසිපත් (එපී), දෙපිට මුවහත් අසිපත් (සේබර්) යන කාණ්ඩ 3 යටතේ තරග පැවැත්විණ.

කේවල අංශයේ මූලික වටයේ තරග වලිදී එක් එක් අසිපත් කාණ්ඩ යටතේ (ෆොයිල්, එපී, සේබර්) ඉහළම දස්කම් දැක්වූ කී‍්‍රඩකයන් 8 දෙනා බැගින් තෝරාගෙන, ඔවුන්ව අර්ධ අවසන් පූර්ව වටයට යොමු කෙරුණු අතර ඉන් අනතුරුව පිළිමළුන් පිටු දැකීමේ ක‍්‍රමයට තරග පැවැත්විණ. තරගාවලියේ අවසන් තරග ඊයේ (31 වැනිදා) රත්මලාන මාස් හෝල්ඩිංස් ආයතනයේදී පැවැත්විණ.

ජාතික කඩු හරඹ සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා මාස් සමූහ ව්‍යාපාරයේ ස්ලිම්ලයින්, යුනිචෙලා, සිලූවේටා, එම්. ඞී. එස්., තුරුලි, සදර්න්, ස්ලිම්ටෙක්ස්, රැපිඞ් සහ ලීනියා යන කී‍්‍රඩා සමාජ සහභාගී වූහ.

කී‍්‍රඩා අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අයි. පී. විජේරත්න මහතා තරගාවලියේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර ජාතික කඩු හරඹ සංගමයේ සභාපති ඩයන් ගෝමස්, උප සභාපති හර්ෂණ හේමමාන්න සහ ලේකම් කසුනි සිල්වා යන මහත්ම මහත්මීහුද එම අවස්ථාවට සහභාගී වූහ.


පිරිමි තරග ප‍්‍රතිඵල
සැහැල්ලූ අසිපත් (ෆොයිල්) කාණ්ඩය
සුරේෂ් සුදර්ෂන (එම්. ඞී. එස්.) විසින් තරිඳු මඳුමාල් (එම්. ඞී. එස්.) පරාජය කරන ලදි.

බර අසිපත් (එපී) කාණ්ඩය
මධුසංක රන්තායක (ස්ලිම්ලයින්) විසින් දුෂාන් ළහිරු (ස්ලිම්ටෙක්ස්) පරාජය කරන ලදි.

දෙපිට මුවහත් අසිපත් (සේබර්) කාණ්ඩය
මංජුල ප‍්‍රනාන්දු (යුනිචෙලා) විසින් සුරේෂ් චන්දන (යුනිචෙලා) පරාජය කරන ලදි.

කණ්ඩායම් තරගය
යුනිචෙලා කී‍්‍රඩා සමාජය විසින් ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදි.


කාන්තා තරග ප‍්‍රතිඵල
සැහැල්ලූ අසිපත් (ෆොයිල්) කාණ්ඩය
අශෝකා උදයංගනී (සිලූවේටා) විසින් සංදීපා සඳමාලි (ස්ලිම්ලයින්) පරාජය කරන ලදි.  

බර අසිපත් (එපී) කාණ්ඩය
නිරංජලා වීරරත්න (ස්ලිම්ලයින්) විසින් පියුමි කි‍්‍රෂාන්ති (ලීනියා) පරාජය කරන ලදි.

දෙපිට මුවහත් අසිපත් (සේබර්) කාණ්ඩය
අනුරුද්ධිකා ධනංජලී (ස්ලිම්ලයින්) විසින් චතුරිකා සෙනෙවිරත්න (ස්ලිම්ලයින්) පරාජය කරන ලදි.

කණ්ඩායම් තරගය
ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය විසින් එම්. ඞී. එස්. කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා වූ යුනිචෙලා කී‍්‍රඩා සමාජයේ මංජුල ප‍්‍රනාන්දු, කී‍්‍රඩා අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අයි. පී. විජේරත්න මහතා අතින් සම්මාන ලබාගත් අවස්ථාව...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව වූ ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයේ අනුරුද්ධිකා ධනංජලී, කී‍්‍රඩා අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අයි. පී. විජේරත්න මහතා අතින් සම්මාන ලබාගත් අවස්ථාව...

 

 

 

 

 

 

 

 

 

 

 

 


තරගාවලියේ සමස්ථ ශූරතාව දිනාගත් ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජ කණ්ඩායමේ නායකයා, කී‍්‍රඩා අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අයි. පී. විජේරත්න මහතා අතින් ශූරතා කුසලාන ලබාගත් අවස්ථාව...

 

 

 

 

 

 

 

 

 

 


ශූරතාව දිනාගත් ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජ කණ්ඩායම

 

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

ස්ලිම්ලයින් කඩු හරඹ ශූරතාව රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.