
(දමින්ද විජේසූරිය)
ඩුබායි නුවරදී කළ පුහුණුවීම් වලින් පසුව වෝන් - මුරලි කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ඕස්ට්‍රේලියානුවෝ ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව කෙළින්ම ගාල්ල බලා ගියහ. ඔවුන් ගාල්ල බලා ලඟා වන විට අලුයම 2.00 පමණ වූ බව වාර්තා වේ.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (25 වැනිදා) පස්වරුවේදී ගාල්ල ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් කිරීමට සූදානමින් සිටියත් පසුව එය අතහැර දමන ලදි.
ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායකයා වන්නේ පැට් කමින්ස් වුවද ඔහු මෙවර ශ්‍රී ලංකා සංචාරයට එක් නොවේ. කමින්ස්ගේ බිරිඳ දරු ප්‍රසූතියට සූදානමින් සිටින බැවින් ඔහුට නිවාඩු අනුමත කළ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීහු කණ්ඩායමේ නායකත්වය ස්ටීව් ස්මිත්ට පැවරූහ.
වෝන් - මුරලි තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ලබන බදාදා (29 වැනිදා) ගාල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි මස 6 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වේ.
ඕස්ට්‍රේලියානු සංචිතය
ස්ටීවන් ස්මිත් (නායකයා), ට්‍රැවිස් හෙඩ් (උප නායකයා), ෂෝන් ඇබට්, උස්මන් කවාජා, සෑම් කොන්ස්ටාස්, මානස් ලැබුෂේන්, නේතන් ලයන්, නේතන් මැක්ස්වීනි, ඇලෙක්ස් කේරි, මිචෙල් ස්ටාක්, ස්කොට් බෝලන්ඩ්, කූපර් කොනලි, ජොෂ් ඉංග්ලිෂ්, මැතිව් කූනේමන්, ටොඩ් මර්පි සහ බියු වෙබ්ස්ටර්
![]() |
![]() |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.