Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ස්පාඤ්ඤය 16 දෙනාගේ වටයට රිංගාගනී

ස්පාඤ්ඤය 16 දෙනාගේ වටයට රිංගාගනී

Nisanka Sandeepani - 2018 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගෝල 2-1 කින් පෙරමුණ ගත් මොරොක්කෝව ගෙනදුන් පීඩනය ඉවතට තල්ලු කරමින් අන්තිම මොහොතේ අතිරේක ක්‍රීඩක ලාගෝ ඇස්පාස් ගැසූ ගෝලයෙන් තරගය ගෝල 2-2 කින් සමකරගත් ස්පාඤ්ඤය ‘බී‘ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට එක්වීමට සමත්විය. පිටියේ විනිසුරු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ ඒ ගෝලය නිවැරැදි බවට කියා පාමින් ස්පාඤ්ඤයට අවසන් 16 දෙනා අතරට එක්වීමේ අවස්ථාව ලැබුණේ වීඩියෝ සහාය විනිසුරුගේ පිහිටෙනි. 

තරගයේ පළමු භාගය නිමාවෙද්දී ගෝල 1-1 ක් ලෙස පැවැති තරගය මොරොක්කෝව දෙසට හරවා තැබූ යූසුෆ් එන් නෙසරි 81 වැනි මිනිත්තුවේදී යොමු කළ පන්දුවට හිසින් ගැසූ පහරකින් පන්දුව දැළ තුළට යැවීය. ඒ සමගම ස්පාඤ්ඤයේ පීඩනය ඉහළ ගියේය.

ස්පාඤ්ඤයට තරගය සම කරගැනීමට ඇස්පාස් ලබාදුන් ගෝලය පිටියේ විනිසුරු ප්‍රතික්ෂේප කිරිම විමතිය දනවන සුළු එකක් විය. 

ඩැනී කාර්වජාල් කෝනර් සීමාවට යාබදව සිට ගැසූ වේගවත් පහර තම පාදයෙන් යාන්තමට තට්ටු කරමින් මේ තීරණාත්මක ගෝලය වාර්තා කිරීමට ඇස්පාස් සමත්වූවත් පිටියේ විනිසුරු එය ගෝලයක් ලෙස පිළිගැනීමට මැළි වුයේ එය සීමාවෙන් පිට සිට ගැසූ (ඕෆ් සයිඞ්) ගෝලයක් බවට නිගමනය කරමිනි. එහෙත් සෑහෙන වේලාවක් එය නිරීක්ෂණය කිරීමෙන් පසුව වීඩියෝ සහාය විනිසුරු ඇස්පාස් නියමිත සීමාවේ සිටි බවට තීන්දු කරමින් ගෝලයට නිල වටිනාකමක් දුන්නේ ස්පාඤ්ඤයට අවසන් 16 වටයේ දොරටු හැර දෙමිනි.

තරගයේ 14 වැනි මිනිත්තුවේදී ඇන්ඩ්‍රිස් ඉනීස්ටා සහ සර්ජියෝ රාමෝස් අතර අවාසනාවන්ත පන්දු හුවමාරුවෙන් වාසිය ගත් කාලිඞ් බෝටෙයිබ් ගැසූ ගෝලයෙන් මොරොක්කෝව පෙරමුණ ගත් අතර ඊට මිනිත්තු පහකට පසුව ඉස්කෝ ගෙන දුන් ගෝලයෙන් තරගය 1-1 කින් සමකර ගැනීමට ස්පාඤ්ඤයට හැකිවිය.

 

- 077


අදහස් (0)

ස්පාඤ්ඤය 16 දෙනාගේ වටයට රිංගාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.