Last Update  :  2025-05-09 11:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ස්ටාක් එක්දින තරගාවලියට නෑ ?
සිංහ - කැන්ගරු සටන

ස්ටාක් එක්දින තරගාවලියට නෑ ?

editorial - 2022 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පළමු විස්සයි20 තරගයේදී ඇඟිල්ලේ ආබාධයකට ලක්වූ මිචෙල් ස්ටාක්ට එක්දින තරගාවලියද අහිමි වන බව ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ ආරංචි මාර්ග පවසයි.

එක්දින තරගාවලියෙන් අනතුරුව ටෙස්ට් තරගාවලිය ආරම්භ වනවිට ස්ටාක්ගේ ආබාධය සුවවනු ඇති බවට ඕස්ටේ්‍රලියානු කළමණාකාරීත්වය විශ්වාස කරයි. කෙසේ වෙතත් මේ වනවිටත් එක්දින තරගාවලිය සඳහා ජේ රිචඞ්සන් සංචිතයට ඇතුළත් කිරීමට ඕස්ටේ්‍රලියානු තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඒ අනුව විස්සයි20 සංචිතයට පමණක් ඇතුළත්ව සිටි ජේ රිචඞ්සන්ට එක්දින සංචිතය සඳහා උසස් විමක් ලැබී ඇත. රිචඞ්සන් එක්දින සංචිතයට නම් කිරීමත් සමගින් පුරප්පාඩු වන ‘ඒ‘ සංචිතයේ ඔහුගේ ස්ථානයට නේතන් මැක්ඇන්ඩෲ කැඳවා ඇත.

ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි20 තරගයේදී පළමු ඕවරය යවන අතරතුරදී සපත්තුවේ උල් වලට මාපටැඟිල්ල කැපීමෙන් ස්ටාක් ආබාධයට ලක්ව තිබේ. පළමු ඕවරය යැවීමෙන් පසුව පිටියෙන් ඉවත්වූ ස්ටාක්ගේ මාපටැඟිල්ලට මැහුම් 6 ක් යොදා ඇත. පන්දු යවන අතේ ඇති වූ ආබාධයක් හේතුවෙන් නැවතත් පන්දු යැවීමට පිවිසි අවස්ථාවේදී ස්ටාක්ට වෙළුම් පටි සමගින් පන්දු යැවිමට අවසර හිමිවී තිබුණි.

ස්ටාර්ක්ට අඟහරුවාදා (14 වැනිදා) මහනුවරදී ආරම්භ වන එක්දින තරඟාවලියේ අවසානය වනවිට සුවය ලැබිය හැකි අතර, ගාල්ලේදී පැවැත්වෙන ටෙස්ට් තරඟ දෙක සඳහා ඔහුට සහභාගිවීමට හැකිවනු ඇති බව ද ඕස්ටේ‍රලියානු ක්‍රිකට් ආයතනය විශ්වාස කරයි.

”ඔහු ඕස්ටේ්‍රලියානු සංචිතය සමඟ දිගටම පුහුණුවීම්වල නිරත වන අතර බොහෝවිට එක්දින තරඟාවලියේදී නැවතත් ඔහු ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා. ඔහුගේ සුවය ලැබීමේ කාලය නිශ්චිතව දක්වා නොමැති නමුත් අවම වශයෙන් දින හතක්වත් ගතවනු ඇතැයි අපේක්ෂා කරනවා” යයි ද ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

මෙම සංචාරයේදී ඇඟිල්ලේ ආබාධයකට ලක්වූ දෙවැනි ක්‍රීඩකයා බවට ස්ටාක් පත්විය. මින් පෙරද දැළ තුල පුහුණවීම් අතරතුර පන්දුවක් ඇඟිල්ලේ වැදීමෙන් ආබාධයට ලක්වූ සීන් ඇබට්ට නැවතත් ඕස්ටේ්‍රලියාව බලායෑමට සිදුවිය.

 


අදහස් (0)

ස්ටාක් එක්දින තරගාවලියට නෑ ?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.