Last Update  :  2024-04-26 16:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සහෝදරයන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි
තර්ස්ටන් - ඉසිපතන

සහෝදරයන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

editorial - 2023 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

කොළඹ ඉසිපතන විදුහල සහ තර්ස්ටන් විදුහල අතර 60 වැනි වතාවටත් පැවැත්වෙන සහෝදරයන්ගේ සටන මහ ක්‍රිකට් තරගය ජය පරාජයකින් තොරව අද (25 වැනිදා) අවසන් විය. මෙම තරගය කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්විණ. තර්ස්ටන් විදුහල සිය දෙවැනි ඉනිමේදී වඩාත් සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 140 ක් ලබා සිටියේය.

තනුජ රාජපක්‍ෂගේ (56) අර්ධ ශතකයත් නායක ශානික්‍ය දේශප්‍රියගේ උත්සාහවන්ත පිතිහරඹයත් නිසා මුල් ඉනිමේදී ලකුණු 186 ක් ලබාගැනීමට තර්ස්ටන් පිලට හැකිවිය.

ඊට පිළිතුරු සොයා යාමේදී ඉසිපතනයේ කඩුලු 2 ක් ලකුණු 31 කට බිඳ වැටුණ නමුත් තරුෂ්ක අෂෙල් (72) සහ යෙසිත් කළුපහන (51) එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ඉසිපතනය නැවතත් තරගයට කැඳවාගෙන ආහ. තරුෂගේ පන්දු 149 ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර කළුපහනගේ ඉනිම හතරේ පහර 4 කින් සමන්විත විය.

දෙවැනි දිනය වූ අද පස්වරුවේදී පැවැති මන්දාලෝකය හේතුවෙන් තරගය අතහැර දමන විට තරගයේ තීරණයක් නොවූයෙන් බ්ලැක්හැම් විජේවර්ධන කුසලානය තවදුරටත් තමන් සන්තකයේම තබාගැනීමට තර්ස්ටන් විදුහලට අවකාශ ලැබිණ. පසුගිය වසර තුනේදීම මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර 2019 දී මහ තරගය ජයගත් තර්ස්ටන් විදුහල විසින් බ්ලැක්හැම් විජේවර්ධන කුසලානය තමන් සතුකරගන්නා ලදි.

ඉසිපතන ඉනිමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින්, ලකුණු 67 කට කඩුලු 7 ක් දවාගත් තර්ස්ටන් විද්‍යාලයේ විහාස් තෙව්මික තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත්තේය.


තර්ස්ටන් විදුහල - පළමු ඉනිම 186 යි
(තනුජ රාජපක්‍ෂ 56, ශානික්‍ය දේශප්‍රිය 27, විහාස් තෙව්මික 10, නවිඳු දුලාන් 22, උෂාන් ඉමේෂ් 57, සහන් විරාජ් 44/5, නවීන් කනිෂ්ක 32/3)

ඉසිපතන විද්‍යාලය - පළමු ඉනිම 211
(තරූෂ නෙත්සර 12, නවීන් කනිෂ්ක 10, තරුෂ්ක අෂෙල් 72, යෙසිත් කළුපහන 51, යුනෙත් සෙනෙවිරත්න 13, දුෂාන් මාලිංග 10, කෙවින් සැමුවෙල් 21, විහාස් තෙව්මික 67/7)

තර්ස්ටන් විදුහල - දෙවැනි ඉනිම කඩුලු 2 ට 140 යි
(තනුග පළිහවඩන 35, තනුජ රාජපක්‍ෂ 27, ශානික්‍ය දේශප්‍රිය නොදැවී 53, තේනුක දේවප්‍රිය නොදැවී 12)

 


අදහස් (0)

සහෝදරයන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.