Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සදීෂ් ශාන්ත ජෝෂප් විදුහල බේරාගනී
ශාන්තුවරයන්ගේ සටන

සදීෂ් ශාන්ත ජෝෂප් විදුහල බේරාගනී

editorial - 2022 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති 88 වැනි ‘ශාන්තුවරයන්ගේ සටන’ මහ ක්‍රිකට් තරගය අද (19 වැනිදා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 396 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත ජෝෂප් විදුහල තරගය නිමාවන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 163 ක් ලබා සිටියේය. පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද එකසේ දස්කම් දැක්වූ ශාන්ත ජෝෂප් නායක ෂෙවෝන් ඩැනියෙල් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.

එහිදී පන්දු 189 ක් පුරා සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු සදීෂ් ජයවර්ධන, හතරේ පහර 11 ක් සමග ලකුණු 103 ක් රැස්කරමින් සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගත්තේය. ලකුණු 112 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීම සඳහා හිරාන් ජයසුන්දර (නොදැවී 19) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 123 කදී ලකුණු 51 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද සදීෂ් සමත් විය.

පලමු ඉනිමේදී ලද ලකුණු 88 ක වාසියත් සමග දෙවැනි ඉනිම ඇරඹූ ශාන්ත පීතර විදුහල, කඩුලු 7 ක් දැවී ලකුණු 232 ක් රැස්කිරීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවමින් ශාන්ත ජෝෂප් විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළේය. එහිදී අබිලාෂ් දිනකර (61) සහ ළහිරු දෙවැටගේ (53) අර්ධ ශතක ලබාගත්හ. පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීද ශාන්ත ජෝෂප් විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ෂෙවෝන් ඩැනියෙල් ලකුණු 80 කට කඩුලු 5 ක් දවාගත්තේය.

ශාන්ත පීතර නායක වනුජ සහන්ගේ සහ ෂැනන් රොද්‍රිගූගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශාන්ත ජෝෂප් විදුහලේ පළමු ඉනිම ලකුණු 163 කට සීමා වූ අතර එහිදී සහන් ලකුණු 63 කට කඩුලු 4 ක්ද, ෂැනන් ලකුණු 26 කට කඩුලු 3 ක්ද දවාගත්හ. ශාන්ත ජෝෂප් පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ෂෙවෝන් ඩැනියෙල් පන්දු 93 කදී ලකුණු 71 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත පීතර විදුහල ඕවර 60 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 251 ක් ලබාගත් අතර එහිදී ෂෙනාල් බොතේජු (81) සහ දනාල් හේමචන්ද්‍ර (නොදැවී 55) ශාන්ත පීතර විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ. පන්දු 136 කට මුහුණදුන් ෂෙනාල් හයේ පහරකින් සහ හතරේ පහර 10 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 58 කදී වාර්තා වූ දනාල්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.


ශාන්ත පීතර පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලු 8 ක් දැවී 251
(ෂෙනාල් බොතේජු 81, දනාල් හේමචන්ද්‍ර නොදැවී 55, ශන්ෂේ ගුණතිලක 47, නිමුතු ගුණවර්ධන 36, ෂෙවෝන් ඩැනියෙල් 67/3, දුනිත් වෙල්ලාලගේ 92/3)

ශාන්ත ජෝෂප් පළමු ඉනිම - ඕවර 45.1 කදී සියලු දෙනා දැවී 163
(ෂෙවොන් ඩැනියෙල් 71, දුනිත් වෙල්ලාලගේ 36, වනුජ සහන් 63/4, ෂැනන් රොද්‍රගු 26/3)

ශාන්ත පීතර දෙවැනි ඉනිම - ඕවර 59.5 කදී කඩුලු 7 ක් දැවී 232
(විෂේන් හැළඹගේ 22, අබිලාෂ් දිනකර 61, ෂෙලාන් බොතේජු 18, ළහිරු දෙවැටගේ 53, වනුජ සහන් 28, දනාල් හේමානන්ද නොදැවී 21, නිමාන් උමේෂ් නොදැවී 17, ෂෙවෝන් ඩැනියෙල් 80/5)

ශාන්ත ජෝෂප් දෙවැනි ඉනිම - ඕවර 58 කදී කඩුලු 5 ක් දැවී 163
(සදීෂ් ජයවර්ධන නොදැවී 103, මුදිත ලක්ෂාන් 14, හිරාන් ජයසුන්දර නොදැවී 19)


අදහස් (0)

සදීෂ් ශාන්ත ජෝෂප් විදුහල බේරාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.