Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සජිත - සදෙව් නාලන්දාව ශක්තිමත් කරති
94 වැනි සුලෝහිත සංග්‍රාමය

සජිත - සදෙව් නාලන්දාව ශක්තිමත් කරති

editorial - 2024 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(දමින්ද විජේසූරිය)

නාලන්දාවේ නායක සජිත විතානගේ (නොදැවී 100) සහ ආරම්භක පිතිකරු සදෙව් සමරසිංහ (84) එක්ව ගොඩනැංවූ සම්බන්ධතා දෙකක් මත පිති හරඹය කළ නාලන්දීයයෝ, කොළඹ එස්.එස්.සී. පිටියේදී අද (2 වැනිදා) ආරම්භ වූ 94 වැනි සුලෝහිත සංග්‍රාමයේ පළමු දිනය නිමාවේදී ශක්තිමත්ව සිටගත්හ. නාලන්දාව සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 277 ක් ලබාගත් අතර පළමු දිනය නිමාවන විට ආනන්දය සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 55 ක් ලබා සිටියේය. 

කාසියේ වාසිය දිනාගත් ආනන්ද නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර ලකුණු 56 ක් වෙද්දී නාලන්දාවේ කඩුලු 3 ක් බිඳ වැටී තිබිණ. එහෙත් නායක සජිත විතානගේ සමගින් එක්වූ ආරම්භක පිතිකරු සදෙව් සමරසිංහ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනැංවූයේය. ආනන්දයේ අශිංස නයිනායකගේ පන්දුවක් හමුවේ කිත්ම විදානපතිරණ විසින් රැකගන්නා ලද අති විශිෂ්ට උඩපන්දුවකින් සමරසිංහ දැවී යන විට ඔහුගේ පන්දු 141 ඉනිම හතරේ පහර 11 කින් අලංකාර වී තිබිණ. 

එතැන් සිට ඔසඳ පමුදිත (31) සමගින් එක්වූ නායක සජිත විතානගේ ලකුණු රැස්කිරීමේ වැඩි වගකීම තමන් වෙත පවරා ගනිමින් පස්වැනි කඩුල්ල සඳහා තවත් ලකුණු 104 ක සම්බන්ධතාවක් පැවැත්වීය. තම ශතකය සම්පූර්ණ කිරීමෙන් පසුව නාලන්දා ඉනිම අත්හිටුවන විට පන්දු 179 කට මුහුණ දී සිටි විතානගේ ඒවායින් 10 ක් හතරේ සීමාවෙන් එපිටට යැව්වේ දෙකක් ලණුවට උඩින් යවමින් නාලන්දීයයන් මෙන්ම ආදි නාලන්දීයයන් ද කුල්මත් කරමිනි. 

තරගය හෙටත් (3 වැනිදා) පෙරවරු 10.00 ට ආරම්භ වෙයි. 


නාලන්දා විද්‍යාලය - පළමු ඉනිම කඩුලු  ට 277 යි.
(සදෙව් සමරසිංහ 84, මනූප මන්මිත 24, සජිත විතානගේ නොදැවී 100, ඔසඳ පමුදිත 31, කවීෂ මෙන්ඩිස් 47/2, ආශිංස නයිනායක 80/3, යසඳු කිරිඇල්ල 33/2)

ආනන්ද විදුහල - පළමු (දිනය නිමාවන විට) කඩුලු 2 ක් දැවී 55 යි
(කාංචන ද ලිවේරා 33, දිනාද අතලගේ නොදැවී 13, ඔසඳ පමුදිත 12/2)

- ඡායාරූප : එම්.ඒ. පුෂ්පකුමාර


අදහස් (0)

සජිත - සදෙව් නාලන්දාව ශක්තිමත් කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.