Last Update  :  2024-05-18 14:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සකීබ්ගේ ආගමනය සැක සහිතයි

සකීබ්ගේ ආගමනය සැක සහිතයි

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවීම සඳහා නම් කරනු ලැබ සිටි තුන් ඉරියව් ක්‍රීඩක සකීබ් අල් හසන්, දෙරට අතර පැවැත්වෙන පළමු විස්සයි20 තරගයට සහභාගි වීම අවිනිෂ්චිත බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටියි.

ඊට හේතුවී ඇත්තේ ඔහුගේ වම් අතේ තුවාලය තවමත් පූර්ණ වශයෙන් සුව වී නොතිබීමයි. ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ බංග්ලාදේශය අතර පැවැති තුන් කොන් එක්දින තරගාවලියේ අවසන් මහ තරගය අතරතුර වම් අත තුවාල වීම නිසා සකීබ්ට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියද අහිමි විය.

සකීබ් ක්‍රීඩා නොකිරීම නිසා ටෙස්ට් තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දැරූ මහමදුල්ලා රියාද්, ලබන 15 වැනිදා ඩකාහිදී පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේදීත් බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවීමට නියමිතය.

බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති මින්හජුල් ආබ්ඩීන් පවසන පරිදි සකීබ්ගේ අතේ තුවාලයට දමා තිබූ මැහැම් මේ වන විට ඉවත් කර ඇති අතර එය සම්පූර්ණයෙන්ම සුව වීම සඳහා තවත් කෙටි කාලයක් ගතවනු ඇත.

“ඊයේ (10 වැනිදා) ඔහුගේ අතේ මැහැම් කපා ඉවත් කළා. නමුත් ඒ තුවාලය සුව වෙන්න තව ටික දවසක් යාවි. අපි බලාපොරොත්තු වෙනවා ඔහුට දෙවැනි තරගයට ක්‍රීඩා කරන්න පුලුවන් වේවි කියලා.” යැයි ආබ්ඩීන් මහතා පැවසීය.


- 036

 


අදහස් (0)

සකීබ්ගේ ආගමනය සැක සහිතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.