Last Update  :  2024-05-18 14:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සකීබ් බංග්ලාදේශ විස්සයි20 කණ්ඩායමට

සකීබ් බංග්ලාදේශ විස්සයි20 කණ්ඩායමට

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇඟිල්ලක ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියට සහභාගි නොවූ බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක සකීබ් අල් හසන්, දෙරට අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත විස්සයි20 තරගාවලියට ක්‍රීඩා කිරීමට සූදානමින් සිටියි.

විස්සයි20 තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයේ නායකයා ලෙස සකීබ් නම් කරනු ලැබ ඇති අතර බංග්ලාදේශ විස්සයි20 කණ්ඩායමේ හිටපු නායක මෂ්රෆී මොටාසා සංචිතයට ඇතුළත්ව නැත.

ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත බංග්ලාදේශ සංචිතයට තවමත් විස්සයි20 ජාත්‍යන්තර වරම් නොලද ක්‍රීඩකයන් 5 දෙනෙක් ඇතුළත්ව සිටින අතර කඩුලු රකින ක්‍රීඩක සාකිර් හසන්, වේග පන්දු යවන ක්‍රීඩක අබු ජයේද්, තුන් ඉරියව් ක්‍රීඩකයන් වන අරිෆුල් හක්, මෙහෙදි හසන් සහ අෆීෆ් හුසේන් ඒ අතර වෙති.

2016 වසරේ ඉන්දියාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව පළමු වරට වේග පන්දු යවන ක්‍රීඩක අබු හයිදර් බංග්ලාදේශ සංචිතයට කැඳවා ඇති අතර ඉකුත් වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියට ක්‍රීඩා නොකළ ටමීම් ඉක්බාල් සහ මුස්තෆිසුර් රෙහෙමාන්ද නැවත සංචිතයට ඇතුළත් කර තිබේ.

දකුණු අප්‍රිකානු තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන් අතරින් මොමිනුල් හක්, ඉම්රුල් කේයස්, ලිටන් දාස්, නසිර් හුසේන්, මොහෙදි හසන්, ශෆියුල් ඉස්ලාම් සහ ටස්කින් අහමඞ් යන ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙනි තරගාවලියේදී සංචිතයේ ස්ථාන අහිමිවී ඇත.

දෙරට අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලියේ පළමු තරගය ලබන 15 වැනිදා ඩකාහිදී පැවැත්වෙන අතර දෙවැනි තරගය 18 වැනිදා ශිලාත්හිදී පැවැත්වීමට නියමිතය.  


බංග්ලාදේශ විස්සයි20 සංචිතය
සකීබ් අල් හසන් (නායක), ටමීම් ඉක්බාල්, සෞම්‍ය සාකර්, මුෂ්ෆිකුර් රහීම්, මහමදුල්ලා රියාද්, සබීර් රෙහෙමාන්, මුස්තෆිසුර් රෙහෙමාන්, රුබෙල් හුසේන්, මොහොමඞ් ශයිෆුඩීන්, අබූ හයිදර්, අබූ ජයේද්, අරිෆුල් හක්, මෙහෙදි හසන්, සකීර් හසන් සහ අෆීෆ් හුසේන්

- 036

 


අදහස් (0)

සකීබ් බංග්ලාදේශ විස්සයි20 කණ්ඩායමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.