Last Update  :  2024-05-17 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සංගා කණ්ඩායමෙන් බාගයක් වගේ - මිස්බා

සංගා කණ්ඩායමෙන් බාගයක් වගේ - මිස්බා

Dilrukshi - 2015 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ජයගැනීමට නම් කුමාර් සංගක්කාර හැකි ඉක්මනින් පිටියෙන් ඉවත් කරගත යුතු බව පාකිස්තානු නායක මිස්බා උල් හක් කියයි.

”එයා තමයි ප‍්‍රධාන කී‍්‍රඩකයා. හරියට කණ්ඩායමෙන් බාගයක් වගේ....ඔහු ලෝකයේ සෑම ප‍්‍රධාන පෙළේ කණ්ඩායමකටම එරෙහිව ලකුණු විශාල වශයෙන් රැස්කරලා තියෙනවා” යයි කී පාකිස්තානු නායකයා...
”පසුගිය වතාවෙදිත් අපි මෙහේදී ටෙස්ට් තරගයකට සහභාගි වූ වෙලාවේ අපි ඉතාමත් හොඳින් කී‍්‍රඩා කරමින් හිටියේ. තරගයේ භාගයක් දුර යද්දීම අපි හිතුවා තරගය අපේ පැත්තට තමයි කියලා. ඒත් ඔවන්ට (ශී‍්‍ර ලංකා පිල සතුව) හිටපු කී‍්‍රඩකයන් දිහා බැලූවාම ඒක බරපතළ වැරදිමක්”

”ඒ වෙලාවේ සංගක්කාර තරගය සම්පූර්ණයෙන්ම අපෙන් ඈතට ඇදගෙන ගියා. අපට ඒක දරාගන්න බැරිවුණා” යයි ද මිස්බා උල් හක් පැවසීය.

පාකිස්තානු පිලේ කී‍්‍රඩකයන් ටෙස්ට් තරග වලදී දක්වන අස්ථාවර කී‍්‍රඩා විලාසය සම්බන්ධයෙන් හේතු දැක්වූ මිස්බා උල් හක් පවසා සිටියේ ශී‍්‍ර ලංකා පිල සමග දිගින් දිගටම කී‍්‍රඩා කර ඇතත් ලෝකයේ සෙසු රටවල් සමග ටෙස්ට් තරග වලට සහභාගි වීමට තමන්ට එතරම් අවස්ථාව නොලැබෙන බවයි.

තරුණ කී‍්‍රඩකයන් පිළිබඳ විශ්වාසය පළකළ මිස්බා උල් හක් පාකිස්තානය වෙනුවෙන් ඉදිරිපත් වන තරුණ කී‍්‍රඩකයන් ඔවුන්ගේ කාර්යය සඳහා සුදුසුකම් ඇති අය බවද පවසා සිටියේය.

”ටෙස්ට් තරගයක තීරණය වෙනස් වෙන්න විවේකයන් දෙකක් අතර කාලය හොඳටම ඇති. ඒ නිසා අවසන් මොහොත දක්වාම තමන්ගේ අවධානය රැුකගනිමින් තරග කිරීම වැදගත්” යයිද මිස්බා උල් හක් පැවසීය.
”හැමෝගෙම උත්සාහය රංගනව පාලනය කරගන්න තමයි. ඒත් අවසන් වතාවට මෙහේදි පැවැති තරගාවලියේදී හැර අනෙක් බෙහෝ වෙලාවල අපි හොඳින් රංගනට මුහුණ දීලා තියෙනවා” යයි කී මිස්බා රංගනට මුහුණදීමට තමන්ගේ පිතිකරුවන් සැලසුම් සහගතව සූදානමින් සිටින බවත් පැවසීය.

පාකිස්තානු පිලේ නව දඟ පන්දු යවන්නෝ දෙදෙනාම ටෙස්ට් කී‍්‍රඩාවට නවකයෝ වෙති. ඔවුන්ගේ නම් ඉදිරියෙන් ඉලක්කම් වැඩි සංඛ්‍යාවක් සටහන් වී නැතත් ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේදී ද`ග පන්දු යවන්නන් හමුවේ හොඳින් කී‍්‍රඩා කරන්නේ යයි නම් ලබා සිටින කණ්ඩායමකට එරෙහිව තරග කිරීමට අවස්ථාවක් ලබාගැනීම එම කී‍්‍රඩකයන්ගේ ඉදිරි ගමනට වඩාත් හිතකර වනු ඇතැයිද පැවසීය.

 

ඡායාරූපය ශාන්ත රත්නායක
 

 


අදහස් (0)

සංගා කණ්ඩායමෙන් බාගයක් වගේ - මිස්බා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.