Last Update  :  2024-05-06 15:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සංගක්කාරගෙන් වේගවත් ඉනිමක්

සංගක්කාරගෙන් වේගවත් ඉනිමක්

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘හොංකොං බ්ලිට්ස්’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (9 වැනිදා) පැවැති තරගයකදී හුංහොම් ජගුවර්ස් කණ්ඩායමට එරෙහිව වේගවත් ලකුණු 92 ක් රැස්කිරීමට ගැලැක්සි ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර සමත් විය. එම තරගයෙන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ලකුණු 6 ක තියුණු ජයක් හිමිවිය.

පන්දු 42 කට මුහුණදුන් සංගක්කාර, හයේ පහර 4 කින් සහ හතරේ පහර 11 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර කයිල් ක්‍රිස්ටිගේ පන්දුවක් හමුවේ ජොහාන් බෝතා අතට උඩ පන්දුවක් දෙමින් ශතකය පෙනි පෙනි ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

බලාල් මුහම්මද් (44) සමග එක්ව ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී ලකුණු 87 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද සංගක්කාර සමත් විය. පන්දු 30 කදී වාර්තා වූ මුහම්මද්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

ඔවුන් දෙදෙනාගේ වේගවත් ආරම්භය නිසා නියමිත ඕවර 20 අවාසානයේ ලකුණු 228 ක් ලබාගැනීමට ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වූ අතර ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 27 කින් හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 56 ක් රැස්කළ ඇන්ටන් ඩෙව්සිච්, සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යෑමට දායක විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 229 ක ඉලක්කයක් හඹාගිය හුංහොම් ජගුවර්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 222 ක් පමණි. එහිදී පන්දු 34 කට මුහුණදුන් රොලොෆ් වැන්ඩර් මර්ව් හයේ පහර 7 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 75 ක් රැස්කිරීමට සමත් වුවද, ජගුවර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට ඔහුට නොහැකි විය.


ගැලැක්සි ග්ලැඩියේටර්ස් කණ්ඩායම - ඕවර 20 කදී 7 කට 228
(බලාල් මුහම්මද් 44, කුමාර් සංගක්කාර 92, ජේඞ් ඩර්න්බැච් 14, ඇන්ටන් ඩෙව්සිච් නොදැවී 56, බෙන් ලෝන්ලින් 32/3, ඩැරන් සැමී 52/2)

හුංහොම් ජගුවර්ස් කණ්ඩායම - ඕවර 20 කදී 7 කට 222
(රිකී වෙසෙල්ස් 37, ජෙහාන් බෝතා 29, ඩැරන් සැමී 33, රොලොෆ් වැන්ඩර් මර්ව් 75, අර්ෂඞ් මොහොමඞ් 48/4)

 

- 036

 


අදහස් (0)

සංගක්කාරගෙන් වේගවත් ඉනිමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.