පාකිස්තානු කණ්ඩායම ලකුණු 24 කින් පරාජය කළ සිම්බාබ්වේ කී‍්‍රඩකයෝ දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙසින් ජය පරාජයෙන් තොරව අවසන් කර ගත්හ. අද (14 වැනිදා) ලබාගත් මෙම ජයග‍්‍රහණය සිම්බාබ්වේ පිලේ 11 වැනි ටෙස්ට් ජයග‍්‍රහණයයි.
වසර 2001 දී ටෙස්ට් වරම් ලබාගත් සිම්බාබ්වේ කණ්ඩායම බංග්ලාදේශ පිල හැර වෙනත් කණ්ඩායමක් ටෙස්ට් තරගයකදී පරාජය කළ පළමු අවස්ථාවද මෙයයි.
ලකුණු 264 ක ඉලක්කයක් කරා ගිය පාකිස්තානු කණ්ඩායම අද දිනයේ කී‍්‍රඩාව ආරම්භ කරන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 158 ක් ලබා සිටි අතර ජයග‍්‍රහණයට තවත් ලකුණු 106 ක් ඈතින් සිටියේය. එහෙත් මඳ වේග පන්දුයවන කී‍්‍රඩක ටෙන්ඩායි චතාරාගේ පන්දු යැවීම හමුවේ අසරණ වූ පාකිස්තානු පිලේ මැද පෙළ පිතිකරුවෝ එකා පසුපස එකා දැවී ගිය අතර ලකුනු 239 දී ඉනිම නිමා විය.
නායක මිස්බා උල් හක් පමණක් නොදැවී ලකුණු 79 ක් ලබාගත්තේය.
”සිම්බාබ්වේ පිල මේ ජයග‍්‍රහණය ලැබීමට සුදුසුයි. පළමු ටෙස්ට් තරගයේ සිටම ඔවුන් විශිෂ්ට ලෙස කී‍්‍රඩා කළා. තරගය ආරම්භයේ සිටම ඔවුන් අප පීඩනයට පත්කර තිබුණා” යයි පාකිස්තානු නායක මිස්බා උල් හක් තරගයෙන් අනතුරුව පැවසීය.
සිම්බාබ්වේ පළමු ඉනිම - සියලූ දෙනා දැවී ලකුණු 294
(හැමිල්ටන් මැසකඞ්සා 75, බ්‍රෙන්ඩන් ටේලර් 51, මැල්කොල්ම් වොලර් 23, ප්‍රොස්පර් උට්සේයා 22, ටිනාෂි පැන්යන්ගරා 24, ටෙන්ඩායි චතාරා 21, ජුනයිඞ් ඛාන් 67/4, රහට් අලි 48/2, අබ්දුර් රෙහ්මන් 47/3)
පාකිස්තානය පළමු ඉනිම - සියලූ දෙනා දැවී ලකුණු 230
(කූරම් මන්සූර් 51, මොහොමඞ් හෆීස් 22, යූනිස් ඛාන් 77, මිස්බා උල් හක් 33, ටිනාෂි පැන්යන්ගරා 43/3, බ‍්‍රයන් විටෝරි 61/5)
සිම්බාබ්වේ දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී ලකුණු 199
(ටිනෝ මාවොයෝ 58, හැමිල්ටන් මැසකඞ්සා 44, බ්‍රෙන්ඩන් ටේලර් 27, රිච්මන්ඞ් මුතුම්බාමි 29, රහට් අලි 52/5, සයීඞ් අජ්මාල් 56/2, අබ්දුර් රෙහ්මන් 40/2)
පාකිස්තානය දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී ලකුණු 239
(කූරම් මන්සූර් 54, යූනිස් ඛාන් 29, මිස්බා උල් හක් නොදැවී 79, අද්නන් අක්මාල් 20, ටෙන්ඩායි චතාරා 61/5, ප්‍රොස්පර් උට්සේයා 62/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.