තෙවරක් ජාතික කැරම් ශූරතාව දිනා සිටි ලෝක ශූර නිශාන්ත ප්‍රනාන්දු පරාජය කරමින් මේ වසරේ (2019) ජාතික කැරම් ශූරයා බවට පත්වීමට කොළඹ රාජකීය විදුහලේ ෂහීඞ් හිල්මි සමත් විය. පිරිමි කේවල අවසන් මහ තරගයේදී වට 2-1 ක ජයක් ලබමින් හිල්මි පළමු වරට ජාතික කැරම් ශූරතාවට හිමිකම් කීවේය.
ශ්‍රී ලංකා කැරම් සම්මේලනය 51 වැනි වරටත් සංවිධානය කළ මෙම ජාතික කැරම් ශූරතාවලිය කොහුවල ශ්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයේදී පැවති අතර දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 350 කට අධික පිරිසක් ඊට සහභාගී වූහ.
එහිදී කැපීපෙනෙ දස්කම් දක්වමින් ද්විත්ව ශූරතා දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ චලනි ලක්මාලි සමත් වූයේ කාන්තා කේවල සහ මිශ්‍ර යුගල ශූරතාවන්ට හිමිකම් කියමිනි. චලනි ජාතික කැරම් ශූරිය බවට පත්වූ තෙවැනි අවස්ථාව ලෙසද එය සටහන් විය.
වට 2-1 ක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ රෙබේකා ඩැල්රින් පරාජය කරමින් කේවල කාන්තා ශූරතාව දිනාගත් චලනි, මිශ්‍ර යුගල ශූරතාව දිනාගත්තේ උදේෂ් චන්දිම සමග එක්ව වට 2-0 ක් ලෙස අනස් අහමඞ් සහ රෙබේකා ඩැල්රින් පරාජය කරමිනි.
අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස අනස් අහමඞ් සහ සුරාජ් මධුවන්ත පරාජය කරමින් තරගාවලියේ පිරිමි යුගල ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ එම්. ෂෙරිෆ්ඩීන් සහ චරිත් මධුෂංක සමත් වූහ.
මෙවර සම්මේලන කුසලාන කැරම් ශූරතාවලිය ‘වයිට් ස්ලෑම්’ (ප්‍රතිවාදියාට අවස්ථාව නොදී තරගවාරයක් නිමා කිරීම්) අවස්ථා හයකින් වර්ණවත් කිරීමට ශහීඞ් හිල්මි, නිශාන්ත ප්‍රනාන්දු, හුනයිඞ් හටීම්, උපාලි ප්‍රේමචන්ද්‍ර, එම්. ෂෙරීෆ්ඩීන් සහ ඩබ්ලිව්.එම්. මුෆීෂ් යන ක්‍රීඩකයෝ සමත් වූහ.
තරග ප්‍රතිඵල
පිරිමි කේවල
ෂහීඞ් හිල්මි (කොළඹ රාජකීය විද්‍යාලය) විසින් වට 2-1 ක් ලෙස නිශාන්ත ප්‍රනාන්දු (ශ්‍රී ලංකා නාවික හමුදාව) පරාජය කරන ලදි. (22/25, 25/20, 25/04)
කාන්තා කේවල
චලනි ලක්මාලි (ශ්‍රී ලංකා ගුවන් හමුදාව) විසින් වට 2-1 ක් ලෙස රෙබේකා ඩැල්රින් (ශ්‍රී ලංකා යුද හමුදාව) පරාජය කරන ලදි. (25/23, 16/25, 25/00)
පිරිමි යුගල
එම්. ෂෙරිෆ්ඩීන් සහ චරිත් මධුෂංක (ශ්‍රී ලංකා යුද හමුදාව) විසින් වට 2-1 ක් ලෙස අනස් අහමඞ් සහ සුරාජ් මධුවන්ත (ශ්‍රී ලංකා යුද හමුදාව) පරාජය කරන ලදහ. (22/25, 25/00, 25/06)
කාන්තා යුගල
ජෝශප් රොෂිටා (ශ්‍රී ලංකා නාවික හමුදාව) සහ තරුෂි හිමහංසිකා (නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලය) විසින් වට 2-0 ක් ලෙස මධුවන්ති ගුණදාස සහ එම්. චිත්‍රාදේවි (ශ්‍රී ලංකා යුද හමුදාව) පරාජය කරන ලදහ. (25/23, 25/07)
මිශ්‍ර යුගල
උදේෂ් චන්දිම සහ චලනි ලක්මාලි (ශ්‍රී ලංකා ගුවන් හමුදාව) විසින් වට 2-0 ක් ලෙස අනස් අහමඞ් සහ රෙබේකා ඩැල්රින් (ශ්‍රී ලංකා යුද හමුදාව) පරාජය කරන ලදහ. (25/12, 25/10)
ප්‍රවීණ කේවල
හුනයිඞ් හටීම් (දෙමටගොඩ යුනයිටඞ් ක්‍රීඩා සමාජය) විසින් වට 2-1 ක් ලෙස උපාලි ප්‍රේමචන්ද්‍ර (ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව) පරාජය කරන ලදි. (24/23, 19/25, 25/24)
|
පිරිමි කේවල ශූරතාව දිනාගත් ෂහීඞ් හිල්මි සහ අනු ශූරතාව හිමිකරගත් නිශාන්ත ප්‍රනාන්දු |
|
කාන්තා කේවල ශූරතාව දිනාගත් චලනි ලක්මාලි ලියනගේ සහ අනු ශූරතාව හිමිකරගත් රෙබෙකා ඩැල්රින් |
|
පිරිමි යුගල ශූරතාව දිනාගත් එම්. ෂෙරීෆ්ඩීන් සහ චරිත් මධුසංක |
|
කාන්තා යුගල ශූරතාව දිනාගත් ජෝශප් රොෂිටා සහ තරුෂි හිමහංසිකා |
|
මිශ්‍ර යුගල ශූරතාව දිනාගත් උදේෂ් චන්දිම පෙරේරා සහ චලනි ලක්මාලි ලියනගේ |
|
ප්‍රවීණ ශූරතාවය දිනාගත් හුනයිඞ් හටීම් සහ අනු ශූරතාව හිමිකරගත් උපාලි ප්‍රේමචන්ද්‍ර |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.