Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ‍්‍රී ලංකාවෙන් රග්බි පදක්කම අවසන් මොහොතේ ගිලිහී යයි

ශ‍්‍රී ලංකාවෙන් රග්බි පදක්කම අවසන් මොහොතේ ගිලිහී යයි

දිලිනි මල්රුක්ෂි - 2014 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ රග්බි පිරිමි තරගාවලියේදී ශ‍්‍රී ලංකා රග්බි පිල ලෝකඩ පදක්ක්ම ආසන්නයට පැමිණිය ද අවසන් මොහොතේ සිවුවැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

ලෝකඩ පදක්කම සදහා සත්කාර දකුණු කොරියානු පිලට එරෙහිව ඊයේ පස්වරුවේ පැවැති තරගයේ අවසන් මිනිත්තු තුන වන විට ශ‍්‍රී ලංකා පිල ලකුණු 14-12 ක් ලෙස පෙරමුණේ පසු විය. 8 වැනි මිනිත්තුවේ 33 වැනි තත්පරයේදී කොරියාව උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ජයග‍්‍රාහි ලෙස ලකුණු 17-14 ක් පෙරමුණට පැමිණියේය.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ මෙහිදී ප‍්‍රබල කොරියානු ක‍්‍රීඩකයන්ට පරාජයේ භය ඇති කරමින් විශිෂ්ට ලෙස පාලනය කිරීම තරගය පුරාම දැකිය හැකිවිය. කෙසේ වෙතත් ධනුෂ්ක රංජන් පන්දුව කොරියන් ක‍්‍රීඩකයකු වෙතට යොමු නොකර කාලය ගතකිරීමට පන්දුව මාරු කිරීමට අවස්ථානුකූලව කටයුතු කළේය නම් තරගයේ ප‍්‍රතිඵල මීට වඩා වෙනස්වීමට ඉඩ තිබුණි

දෙවැනි අර්ධයේ 4 වැනි මිනිත්තුවේදී ලකුණු 12-7 ක් ලෙස ඉදිරියට පැමිණි කොරියානු පිල  6 වැනි මිනිත්තුවේදී පසු පසට ඇද දැමූ ශ‍්‍රීනාත් සූරියබණ්ඩාර අති විශිෂ්ට උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් එයට අතිරේක ලකුණු දෙක ද එකතු කිරීමෙන් ලකුණු 14-12 ක් ලෙස ශ‍්‍රී ලංකාව නැවතත් පෙරමුණට පැමිණියේය.

පළමු අර්ධයේ 5 වැනි මිනිත්තුවේදී ගයාන් වීරරත්න සම්පූර්ණ කළ උත්සාහක දිනුම නායක ෆාෂීල් මරීජා ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කිරීමත් සමග ලකුණු 7-0 ක් ලෙස ශ‍්‍රී ලංකාව පෙරමුණට පැමිණියේය. 8 වැනි මිනිත්තුවේදී කොරියාව ගෝලයක් සම්පූර්ණ කිරීමෙන් ලකුණු 7-7 ක් ලෙස සම තත්ත්වයේ තිබියදී පළමු අර්ධය අවසන් විය.  

රන් පදක්කම සදහා පැවැති තරගයේදී ජපානය විසින් ලකුණු 24-12 කින් හොං කොං පරාජය කරන ලදී.

අවසන් පූර්ව තරගයේදී ශ‍්‍රී ලංකා පිල ප‍්‍රබල ජපන් පිල හමුවේ ලකුණු 40-0 කින් පරාජයට පත්විය. සත්කාර දකුණු කොරියානු පිල අවසන් පූර්ව තරගයේදී හොං කොං පිල හමුවේ ලකුණු 15-7 කින් පරාජය වීමෙන් ලෝකඩ පදක්කමට ඇද වැටුණි.


අදහස් (1)

ශ‍්‍රී ලංකාවෙන් රග්බි පදක්කම අවසන් මොහොතේ ගිලිහී යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.