Last Update  :  2026-03-27 19:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශූරයා සෙනුර : ශූරිය ඩිල්මි

ශූරයා සෙනුර : ශූරිය ඩිල්මි

Nisanka Sandeepani - 2019 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සංවිධානය කළ 72 වැනි ජාතික කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේ බාලක ශූරතාව දිනාගැනීමට කොළඹ ආනන්ද විදුහලේ සෙනුර සිල්වා සමත් විය. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ඩිල්මි කොළඹගේ බාලිකා ශූරතාව දිනාගත්තාය. 

වයස 18 න් පහළ බාලක කේවල අවසන් මහ තරගයේදී වට 3-2 ක් ලෙස මහනුවර කිංග්ස්වුඞ් විදුහලේ චන්දූප අලහකෝන් පරාජය කරමින් සෙනුර සිල්වා එම ශූරතාව දිනාගත්තේය. ඩිල්මි කොළඹගේ එම ශූරතාවට හිමිකම් කීවේ බාලිකා වයස 18 න් පහළ කේවල අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ සඳුනි ප්‍රබුද්ධිකා පරාජය කරමිනි. 

18 න් පහළ ශූරතාවට අමතරව වයස 15 න් පහළ බාලක අනු ශූරතාව මෙන්ම වයස 18 න් පහළ මිශ්‍ර යුගල අනු ශූරතාවද හිමිකරගත් සෙනුර, මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසද සම්මාන දිනාගත්තේය. මිශ්‍ර යුගල තරගයේදී ඔහු ජිතාරා වර්ණකුලසූරිය සමග එක්ව තරග වැදුණේය. 

වයස 15 න් පහළ අවසන් මහ තරගයේදී වට 3-2 ක් ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ චනුල් දුල්සෙන් හමුවේ සෙනුර පරාජයට පත් විය. වයස 18 න් පහළ මිශ්‍ර යුගල අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස සෙනුර සහ ජිතාරා පරාජය කිරීමට කොළඹ රාජකීය විදුහලේ හේලිත හෙන්ඳාවිතාරන සහ අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විදුහලේ නදිති රෙහන්සා සමත් වූහ. 

වයස 15 න් බාලිකා ශූරතාව දිනාගත් කොළඹ කාන්තා විදුහලේ ජිතාරා වර්ණකුලසූරිය මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූයේ වයස 18 න් පහළ බාලිකා යුගල ශූරතාවට මෙන්ම 18 න් පහළ මිශ්‍ර යුගල අනු ශූරතාවටද හිමිකම් කියමිනි. සිය සහයක ක්‍රීඩිකාව වූ මහනුවර මහමායා විදුහලේ තනුෂි රොද්‍රිගූ සමග එක්ව බාලිකා යුගල අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ සඳුනි ප්‍රබුද්ධිකා සහ සයුරි රන්මිනි පරාජය කිරීමට ජිතාරා සමත් වූවාය.  

කොළඹ රාජකීය විදුහලේ නිමේෂ් රංචාගොඩ සහ තිසස් රංචාගොඩ සොහොයුරන් එක්ව වට 3-2 ක් ලෙස කොළඹ රාජකීය විදුහලේ හේලිත හෙන්ඳාවිතාරන සහ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙව්මිත් වීරසේන පරාජය කරමින් වයස 18 න් පහළ බාලක යුගල ශූරතාව දිනාගත්හ. 

පනාගොඩ යුද හමුදා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 450 කට අධික පිරිසක් සහභාගී වූහ. බි්‍රගේඩියර් ඩී.ආර්. ධර්මසිරි මහතා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය. 

 

තරග ප්‍රතිඵල (බාලක) 

වයස 10 න් පහළ කේවල 
කකෙරු හෙන්නායක (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස ශෆියුල්ලා අක්‍රම් (අල් හුදා ජාතික පාසල) පරාජය කරන ලදි. (07/11, 12/10, 11/07, 11/07) 

වයස 12 න් පහළ කේවල 
රෙසඳු ජයසුන්දර (මහනුවර කිංග්ස්වුඞ් විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ශෆියුල්ලා අක්‍රම් (අල් හුදා ජාතික පාසල) පරාජය කරන ලදි. (11/08, 11/06, 11/07) 

වයස 15 න් පහළ කේවල 
චනුල් දුල්සෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (08/11, 11/05, 03/11, 11/09, 11/05) 

වයස 18 න් පහළ කේවල 
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස චන්දූප අලහකෝන් (මහනුවර කිංග්ස්වුඞ් විදුහල) පරාජය කරන ලදි. (11/01, 11/07, 08/11, 12/14, 11/07) 

වයස 18 න් පහළ යුගල 
නිමේෂ් රංචාගොඩ සහ තිසස් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස හේලිත හෙන්ඳාවිතරණ (කොළඹ රාජකීය විදුහල) සහ දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලැයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදහ. (12/10, 08/11, 08/11, 11/08, 11/09) 

තරග ප්‍රතිඵල (බාලිකා) 

වයස 10 න් පහළ කේවල  
තමාදි කාවින්ද්‍යා (අම්බලන්ගොඩ දේවානන්ද විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස සඳින්ති ජයසිංහ (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (11/07, 11/03, 11/08) 


වයස 12 න් පහළ කේවල  
චමීෂා තුෂාධි (කෑගලු බාලිකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස සඳුන්‍යා එෂ්මිනී (කෑගලු බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/04, 11/05, 11/04) 


වයස 15 න් පහළ කේවල  
ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/03, 11/08)  


වයස 18 න් පහළ කේවල  
ඩිල්මි කොළඹගේ (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස සඳුනි ප්‍රබුද්ධිකා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (11/07, 11/07, 11/09) 


වයස 18 න් පහළ යුගල
ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) සහ තනුෂි රොද්‍රිගූ (කොළඹ මහමායා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස සඳුනි ප්‍රබුද්ධිකා සහ සයුරි රන්මිනී (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදහ. (11/06, 11/09, 10/12, 11/06) 


වයස 18 න් පහළ මිශ්‍ර යුගල
හේලිත හෙන්ඳාවිතරණ (කොළඹ රාජකීය විදුහල) සහ නදිති රෙහන්සා (අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) සහ ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදහ. (02/11, 11/09, 11/06, 11/09) 

සෙනුර සිල්වා සහ ඩිල්මි කොළඹගේ 

සෙනුර සිල්වා සහ ජිතාරා වර්ණකුලසූරිය

 

 

 


අදහස් (0)

ශූරයා සෙනුර : ශූරිය ඩිල්මි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.