අයි. පී. එල්. තරගාවලියේදී ඔට්ටුකරුවන්ගේ උවමනා එපාකම් අනුව කී‍්‍රඩා කිරීමට වැරදිකරුවා වූ හෙයින් ඉන්දීය ටෙස්ට් පිලේ හිටපු පන්දු යවන්නකු වන ශාන්තකුමාරන් ශී‍්‍රසාන්ත්ට ජීවිතාන්තය දක්වා කි‍්‍රකට් තහනම් කිරීමට ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය අද (13 වැනිදා) තීරණය කළේය.
ඔට්ටුකරුවන්ගේ උවමනා එපාකම් අනුව කී‍්‍රඩා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලද ශී‍්‍රසාන්ත් පසුගිය මැයි මාසයේදී දිල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර අයි. පී. එල්. තරගාවලියේදී රාජස්තාන් රෝයල්ස් පිලට කී‍්‍රඩා කළ ශී‍්‍රසාන්ත්ගේ කණ්ඩායම් සගයින් වූ අජිත් චන්දිලා සහ අන්කීට් චවාන්ද දෙදෙනාටද වහාම කි‍්‍රයාත්මක වන පරිදි කි‍්‍රකට් තහනමක් පැනවීමට මැයි මාසයේදීම ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය පියවර ගත්තේය.
මෙම පන්දු යවන්නන් තිදෙනාම ඔට්ටුකරුවන්ගේ අවශ්‍යතා මත තම තමන්ගේ ඕවර වලදී නිශ්චිත ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමේ අවසරය පිතිකරුවන්ට දී ඇතැයි නවදිල්ලි පොලිසිය චෝදනා ඉදිරිපත් කළේය.
”මින් ඉදිරියට කි‍්‍රකට් කී‍්‍රඩාවේ යෙදීම හෝ කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් කිසිදු කටයුත්තකට සහභාගි වීමත් ශී‍්‍රසාන්ත්ට තහනම් කර තිබෙනවා” යයි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩල නිලධාරියෙක් පැවසීය.
මේ අතර අන්කීට් චවාන්ටද ජීවිතාන්තය දක්වා තරග තහනමක් පනවා ඇතත් අජිත් චන්දිලා සම්න්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැත. තවත් කී‍්‍රඩකයන් දෙදෙනකු වන අමිත් සිං සහ සිද්ධාර්ත් ති‍්‍රවේදී දෙදෙනාටද වසර 5 ක තහනමක් පනවා තිබේ.
ටෙස්ට් තරග 27 ක් සහ එක්දින තරග 53 ක් කී‍්‍රඩා කළ ශී‍්‍රසාන්ත්ගේ ශාරීරික ආබාධයක් මෙන්ම විනය විරෝධී කටයුතුද හේතුවෙන් වසර 2011 සිටම ඔහුට ඉන්දීය පිල නියෝජනය කළ නොහැකි විය.
පාකිස්තානු කී‍්‍රඩකයන් වන සල්මන් බට්, මොහොමඞ් අසිෆ් සහ මොහොමඞ් අමීර් තිදෙනාත් ලෝඞ්ස් පිටියේදී පැවැති ටෙස්ට් තරගයකදී ඔට්ටු කරුවන්ගේ උවමනා එපාකම් අනුව කී‍්‍රඩා කිරීම හේතුවෙන් එංගලන්තයේදී වරදකරුවන් වීමෙන් පසුව සිර දඬුවම් ලදහ.
- 007
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.