Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශී‍්‍ර ලංකාවේ 19 ක් බංග්ලාදේශ කි‍්‍රකට් පිටියේ

ශී‍්‍ර ලංකාවේ 19 ක් බංග්ලාදේශ කි‍්‍රකට් පිටියේ

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාද්ශයේදී පැවැත්වෙන ඩකා සීමිත  ඕවර ( ඕවර 50) කි‍්‍රකට් ලීගයට සහභාගි වීම සඳහා ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ 19 දෙනෙක් බංග්ලාදේශය බලා ගොස් සිටිති. ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ද මෙම කී‍්‍රඩකයන් අතර සිටී.

කෙසේ වෙතත් චැම්පියන්ස් ලීග් තරගාවලිය සඳහා මේ වන විටත් ඉන්දියාව බලා පිටත්ව ගොස් සිටින කඳුරට මෙරූන්ස් කණ්ඩායම නියෝජනය කරන තිළිණ කණ්ඩම්බි, ළහිරු තිරිමාන්න සහ මිලින්ද සිරිවර්ධන තිදෙනාත් ඩකා සීමිත  ඕවර තරගාවලියට කී‍්‍රඩා කිරීමට කැමැත්ත පළකර තිබේ. එහෙත් ඔවුන්ට මෙම තරගාවලිය සඳහා කී‍්‍රඩා කළ හැක්කේ චැම්පියන්ස් ලීග් තරගාවලියේ ප‍්‍රධාන කොටසට සුදුසුකම් ලබාගත නොහැකි වූවොත් පමණි.

චැම්පියන්ස් ලීග් වි:20 තරගාවලිය ඔක්තෝබර් 6 වැනිදා දක්වා පැවැත්වෙයි. ඩකා සීමිත  ඕවර තරගාවලිය මේ මස 10 වැනිදා සිට ඔක්තෝබර් 9 වැනිදා දක්වා පැවැත්වෙයි.

කෙසේ වෙතත් මෙම තරගාවලියට සහභාගි සියලූම ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් ලබන මාසයේ දෙවැනි සතියේදී ආරම්භ වන පළමු පෙළ තරගාවලියට සහභාගි වීම සඳහා ඔක්තෝබර් 5 වැනිදාට පෙර ශී‍්‍ර ලංකාවට පැමිණිය යුතු යයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කී‍්‍රඩකයන්ට දන්වා තිබේ.

වසර 30 කට වැඩි ඉතිහාසයක් තිබෙන මෙම තරගාවලිය බංග්ලාදේශයේ ප‍්‍රබලම වෘත්තීය කි‍්‍රකට් තරගාවලිය ලෙසින් සැලකේ.

 

ඩකා සීමිත  ඕවර ( ඕවර 50) කි‍්‍රකට් ලීගයට සහභාගි වන ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ

ඩිල්ෂාන් මුණවීර, ජෙහාන් මුබාරක්, තිලකරත්න ඩිල්ෂාන්, චාමර කපුගෙදර, භානුක රාජපක්ෂ, ඇන්ජලෝ මැතිව්ස්, සචිත‍්‍ර සේනානායක, ජීවන් මෙන්ඩිස්, තරංග පරණවිතාන, චානක වෙළගෙදර, ජානක ගුණරත්න, ටී. එම්. සම්පත්, ගිහාන් රූපසිංහ, සමීර සොයිසා, රොෂේන් සිල්වා, සොහාන් බොරලැස්ස, ඉන්දික ද සේරම්, කෞෂල්‍ය වීරරත්න සහ කෝසල කුලසේකර

 

- 007

 


අදහස් (0)

ශී‍්‍ර ලංකාවේ 19 ක් බංග්ලාදේශ කි‍්‍රකට් පිටියේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.