Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ජාතික රග්බි කී‍්‍රඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති ඩයලොග් සෙරන්ඩිබ් කුසලාන රග්බි තරගයේදී පෝලන්තය පරදවා ලකුණු 26-25 ක තියුණු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව ඩයලොග් සෙරන්ඩිබ් කුසලාන රග්බි තරගාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකා පිලට හිමිවිය.
ශ්‍රී ලංකාව සහ මැඩගස්කරය අතර තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 12-17 ක් වශයෙන් පරාජය කළ මැඩගස්කර් පිල පෝලන්තයද පරාජය කිරීම නිසා තරගාවලියේ කුසලානය දිනාගත්තේය.
පළමු අර්ධය නිමා වන විට පෝලන්ත කණ්ඩායම ලකුණු 15 - 13 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටියද දෙවැනි අර්ධයේදී ගෝලයක් සහ දඬුවම් පහරක් සාර්ථක කරගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 23 - 18 ක් ලෙස ඉදිරියට පැමිණියේය. අනතුරුව ඩ්‍රොප් ගෝලයක්ද ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 26-18 ක් ලෙස පෙරට පැමිණියේය.
කෙසේ වෙතත් අවසන් මොහොතේදී ගෝලයක් ලබාගත් පෝලන්තය ශ්‍රී ලංකා පිල ආසන්නයටම පැමිණි නමුත් තරගය ජයගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.
පෝලන්ත කණ්ඩායම ගෝල දෙකකින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහර දෙකකින් ලකුණු ලබාගත් අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම ගෝල දෙකකින්, දඬුවම් පහර තුනකින් සහ ඩ්‍රොප් ගෝලයකින් ලකුණු ලබාගත්තේය.
ශී‍්‍ර ලංකාව වෙනුවෙන් නිරෝෂන් ප‍්‍රනාන්දු උත්සාහක දිනුමක් ලබාගත්තේය. රීසා මුබරක් අතිරේක ලකුණු එක් කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.