Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශී‍්‍ර ලංකා රග්බි පිල පළග ශූරතාව දිනාගනී

ශී‍්‍ර ලංකා රග්බි පිල පළග ශූරතාව දිනාගනී

ශනුක අරවින්ද - 2013 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල සිංගප්පූරුවේදී අද (10) අවසන් වූ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළග ශූරතාව දිනා ගත්තේය. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ පළග ශූරතා අවසන් මහ තරගයේදී ලකුණු 40 - 0 ක් ලෙස චීන තායිපේ පිල පරාජය කිරීමට සමත් වූහ.

මේ වසරේ ශ‍්‍රී ලංකා පිල මීට පෙර සහභාගි වූ සත් සාමාජික තරගාවලි තුනේදීම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූව ද මෙවර අර්ධ අවසන් පූර්ව තරගයේදී චීනය හමුවේ ලකුණු 17 - 12 ක් ලෙස අනපේක්‍ෂිත පරාජයක් ලැබීම නිසා ශ‍්‍රී ලංකා පිලට පළග ශූරතාව සදහා තරග කිරීමට සිදුවිය.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ පළග ශූරතා අවසන් පූර්ව තරගයේදී ලකුණු 21 - 14 ක් ලෙස මැලේසියාව පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ.

තරගාවලියේ පළමු දිනය වූ ඊයේ (09) පළමු වටයේ තරගවලදී ශී‍්‍ර ලංකා පිල විසින් ලකුණු 43 - 0 කින් ඉන්දුනිසියාව ද, ලකුණු 17 - 15 කින් පිලිපීනය ද, පරාජය කරන ලදි.

මෙම තරගවලියේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් සදුන් හේරත්, ශ‍්‍රීනාත් සූරියබණ්ඩාර, ලවංග පෙරේරා, ජේසන් දිසානායක සහ ෆාසීල් මරීජා කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූහ.
 


අදහස් (0)

ශී‍්‍ර ලංකා රග්බි පිල පළග ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.