Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශී‍්‍ර ලංකා පිලට අසීරු අභියෝගයක්

ශී‍්‍ර ලංකා පිලට අසීරු අභියෝගයක්

ශනුක අරවින්ද - 2015 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් කෞෂාල් සිල්වා සහ කුමාර් සංගක්කාර දෙදෙනාම නැවතත් කී‍්‍රඩාගාරයේ අසුන් ගැනීම නිසා බලාපොරොත්තු නොවූ අසීරුතාවකට මුහුණ දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සිවුවැනි දිනය වූ අද (20 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 63 ක් ලබා සිටියේය. පාකිස්තානු පිලේ මුල් ඉනිමේ වාසිය ලකුණු 117 ක් වූයෙන් ශී‍්‍ර ලංකා පිල තවමත් පාකිස්තානයට වඩා ලකුණු 54 ක් පසුපසින් සිටී.

තරගයේ තවත් දිනයක් ඉතිරිවී ඇති නමුත් කඩුලූ 8 ක් පමණක් අතැතිව සිටින ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට පන්දුවට පහර දීමට සිදුවන්නේ ටෙස්ට් තරගයක පස්වැනි දිනයේ තණතීරුවකදීය. පන්දුව ඉතාමත් තියුණු ලෙසින් දග කවන, හොඳින් වෙහෙස විය හැකි, යසීර් ෂා සහ සුල්ෆිකාර් බාබර් වැනි තරුණ දග පන්දු යවන්නන් දෙදෙනකු හමුවේ ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට එය එතරම් පහසු අභියෝගයක් නම් නොවේ.

පාකිස්තානු මුල් පෙළ කඩුලූ 5 ම ලකුණු 95 කට දවාගත් නමුත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සුන්කර දැමූ සර්ෆ‍්‍රාස් අහමඞ් සහ අසාඞ් ශෆීක් එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 139 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ.

අනතුරුව අසාඞ් ශෆීක් සමග එක්වූ සුල්ෆිකාර් බාබර් 9 වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 101 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට දායක වූ හෙයින් පාකිස්තානුවෝ ඉතා පහසුවෙන් ලකුණු 400 කඩයිම පසුකර ගියහ.

වමතින් ද`ග පන්දු යවන්නකු ලෙසින් මෙම තරගයට කී‍්‍රඩා කරන සුල්ෆිකාර් බාබර් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින්, පන්දු 48 කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය. ලෝන්ග්  ඕන්හි සිටි කුමාර් සංගක්කාරගේ හිසට ඉහළින් ගැසූ දැවැන්ත හයේ පහරකින් සිය අර්ධ ශතකයට අවතීර්ණ වූ බාබර් වසිම් අක්රම්ගෙන් පසුව ටෙස්ට් අර්ධ ශතකයක් ලබාගත් පාකිස්තානු අංක 10 පිතිකරුවාය.

පැය හයකට වැඩි කාලයක් පුරා පිටියේ රැුඳෙමින් පන්දු 253 කට මුහුණ දුන් අසාඞ් ෂෆීක් සිය හත්වැනි ටෙස්ට් ශතකයට ඇතුළත් කළේ හතරේ පහර 4 ක් පමණි. එය අසාඞ් ෂෆීක් ශී‍්‍ර ලංකා පිලට එරෙහිව ලබාගත් දෙවැනි ටෙස්ට් ශතකයද විය.

තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (19 වැනිදා) ලකුණු 96 කට කඩුලූ 5 ක් අහිමි කරගත් පාකිස්තානු පිල බලවත් අසීරුතාවකට මුහුණ දී සිටියද ශී‍්‍ර ලංකා පිල හමුවේ සුපුරුදු පිතිහරඹය දියත් කළ පාකිස්තානු කඩුලූ රකින්නා ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් තඹයකට මායිම් නොකරමින් ඉතාමත් වේගයෙන් සිය ශතකය කරා පියමං කළේය. පන්දු 45 කින් 8 ක් හතරේ සීමාවට යවමින් සිය 28 වැනි ටෙස්ට් ඉනිමේදී ලකුණු 1000 කඩයිම පසුකර ගිය සර්ෆ‍්‍රාස් මේ වන විට ලබා සිටින ටෙස්ට් ලකුණු 1045 න් 495 ක් ම ශී‍්‍ර ලංකා පිලට එරෙහිව ලබාගත් ඒවාය. ඊට ශතකයක් සහ අර්ධ ශතක 6 ක් ඇතුළත් වී තිබේ.

ශී‍්‍ර ලංකා පිලට එරෙහිව ඉතා පහසුවෙන්ම ලබාගත හැකිව තිබූ දෙවැනි ශතකය (තරග දිවියේ සිවුවැන්න) අත පොවන මානයේ සිටියදී ධම්මික ප‍්‍රසාද් හමුවේ ස්වීප් පහරක් ගැසීමට උත්සුක වූ සර්ෆ‍්‍රාස්ගේ පිත්තේ වැදුණු පන්දුව කඩුල්ලට කඩාවැදුණේය. ඒ වන විට පන්දු 86 කට මුහුණ දී සිටි පිතිකරුවා හතරේ පහර 13 ක් සිය ඉනිමට එක්කර තිබිණ.

පාකිස්තානු ඉනිමේදී යැවුණු  ඕවර 113 න් අඩකට වැඩි ප‍්‍රමාණයක් (ඕවර 61 ක්) රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා බෙදාහදා ගත් නමුත් වේග පන්දු යවන්නන්ට අවශ්‍ය වේගයද එහි තිබිණ. ප‍්‍රශ්නය වූයේ ශී‍්‍ර ලංකා වේග පන්දු යවන්නන් පන්දු යැවීම සඳහා කෙතරම් උනන්දු වූයේද යන්නයි.

පාකිස්තානු පුහුණුකරු වකාර් යුනිස් මහතා ඊයේ සවස පැවසූ පරිදිම, තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය මට්ටමක පැවැති හෙයින් පාකිස්තානු පිතිකරුවෝ කිසිදු අපහසුතාවකින් යුතුව තමන්ගේ ඉලක්කය කරා යමින් ශී‍්‍ර ලංකා පිල අමාරුවේ හෙළුෑහ.

ලකුණු පුවරුව


අදහස් (0)

ශී‍්‍ර ලංකා පිලට අසීරු අභියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.