Last Update  :  2024-05-03 17:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශාන්ත පීතරයෝ රග්බි ලීග් ශූරතාව දිනති
අන්තර් පාසල් රග්බි

ශාන්ත පීතරයෝ රග්බි ලීග් ශූරතාව දිනති

editorial - 2023 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ලීග් රග්බි ශූරතාවලියේ අවසන් තරගයේදී ඇදහිය නොහැකි දස්කම් පෙන්වූ බම්බලපිටිය ශාන්ත පීතර ක්‍රීඩකයෝ, සෙනසුරාදා බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාල පිටියේදී පැවැති තරගයේදී ඉසිපතන විද්‍යාලය ලකුණු 28-17 කින් පරාජය කරමින් ඩයලොග් රග්බි ලීග් ශූරතාව දිනාගත්හ. තරගයේ පළමු අර්ධය නිමාවේදී ලකුණු සංඛ්‍යාව 15-10 ක් විය.

ජාතික මෙන්ම ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ විශිෂ්ඨත්වයට පත් වීමට හැකියාව ඇති ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනය කිරීමට සහාය වීම සඳහාත්, හෙට දින ශූරයින් දිරිගැන්වීම සඳහාත් පාසල් රග්බි ක්‍රීඩාවට අනුග්‍රහය දැක්වීමට ඩයලොග් ආසියාටා සමාගම ඉදිරිපත් වී සිටී. ඩයලොග් ආසියාටා සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකතන සේවා සැපයීම් සමාගමකි.

ශාන්ත පීතර විදුහල් කණ්ඩායම ඩයලොග් පාසල් ලීග් රග්බි තරගාවලියේ අවසන් සතියට පිවිසියේ අපරාජිත කණ්ඩායමක් ලෙසිනි. තරග වාරයේ අවසන් තරගයේදීත් ජයග්‍රහණයම බලාපොරොත්තු වූ ශාන්ත පීතර ක්‍රීඩකයෝ 2023 පාසල් රග්බි වාරයේ අපරාජිත වාර්තාව ආරක්‍ෂා කරගනිමින්, ඉසිපතන විදුහලට එරෙහිව තරගය ජයගත්හ. තරගාවලිය නිමා වන විට ප්‍රසාද ලකුණු 46 ක් ශාන්ත පීතර පිල සතුව තිබිණ. අනුශූරතාව හිමිකරගත් රාජකීය විද්‍යාලයට ප්‍රසාද ලකුණු 37 කි. ඉසිපතන විදුහල ප්‍රසාද ලකුණු 37 ක් ලබාගනිමින් තරගාවලියේ තුන්වැනි ස්ථානයට පත්විය.

ශාන්ත පීතර විදුහල අවසන් වරට පාසල් රග්බි ලීග් ශූරතාව දිනාගත්තේ 2010 වසරේදී කීත් ගුරුසිංහගේ නායකත්වයෙනි.

ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන අළෙවි නිලධාරිණී, අමලි නානායක්කාර මහත්මිය සහ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති කමල් ආරියසිංහ මහතා විසින්, ඩයලොග් රග්බි ලීග් ශූරතා කුසලානය ශාන්ත පීතර විදුහලේ නායක අශාන් මදුගස්ගේට ප්‍රදානය කරන ලද අවස්ථාව. ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ ලේකම් නිරෝධ විජේරාම සහ ඩයලොග් ආසියාටා සමාගමේ සන්නාම සහ මාධ්‍ය අංශයේ උප සභාපති, හර්ෂ සමරනායක මහතාත් ඡායාරූපයේ සිටිති.

 

ඡායාරූප - කුෂාන් පතිරාජ

-213


අදහස් (0)

ශාන්ත පීතරයෝ රග්බි ලීග් ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.