Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශාන්ත පීතරයෝ අවසන් මොහොතේ ජය ලබති
පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි

ශාන්ත පීතරයෝ අවසන් මොහොතේ ජය ලබති

editorial - 2023 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අද (3 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී මරදාන ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව ලකුණු 16-11 ක ජයක් වාර්තා කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට බම්බලපිටිය ශාන්ත විදුහල සමත් විය.
 
ඒ අනුව මෙම මස මස 10 වැනිදා පැවැත්වෙන ජනාධිපති කුසලාන අවසන් මහ තරගයේදී ඉසිපතන විදුහලට එරෙහිව ශාන්ත පීතර විදුහල තරග බිමට පිවිසීමට නියමිතය. ඊයේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී මරදාන සහිරා විදුහලට එරෙහිව ලකුණු 39-10 ක ජයක් වාර්තා කරමින් ඉසිපතන විදුහල අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්තේය.

කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 08-00 ක් ලෙස පෙරමුණ ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය. එහිදී උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ, ශාන්ත පීතර විදුහලට ලකුණු ලබාගැනීමට කිසිදු ඉඩක් ලබා නොදුන්හ.
 
කෙසේ වුවත් දෙවැනි අර්ධයේදී අළු ගසා නැඟිටි ශාන්ත පීතරයෝ උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහර 2 ක් මගින් ලකුණු 16 ක් රැස්කරද්දී, ශාන්ත ජෝෂප් විදුහලට දඬුවම් පහරක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 3 ක් පමණි. ඒ අනුව ලකුණු 16-11 ක් ලෙස තරගයේ ජය ශාන්ත පීතර විදුහල සතුවිය.

අවසන් විනාඩි 5 ආරම්භ වන විට දෙපිලම ලකුණු 11 බැගින් ලබා සම තත්වයේ සිටි නමුත් තරගය නිමා වීමට විනාඩි එකහමාරක් පමණ ඉතිරිව තිබියදී අගනා උත්සාහක දිනුමක් ලබාගත් ප්‍රනීෂ් සිල්වා ශාන්ත පීතර විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ අගමැති කුසලාන සහ සභාපති කුසලාන දෙවැනි අවසන් පූර්ව තරග වර්ෂාව හේතුවෙන් කල් දැමීමට සිදුවිය. එම කුසලාන දෙක සඳහා වන අවසන් මහ තරග මෙම මස 9 වැනිදා පැවැත්වීමට නියමිත බැවින් ඉන් පෙර වෙනත් දිනයක් යොදාගෙන අවසන් පූර්ව තරග පැවැත්වීමට සංවිධායකයන් කටයුතු කරනු ඇත.

(ඡායාරූප - කුෂාන් පතිරාජ)

 


අදහස් (0)

ශාන්ත පීතරයෝ අවසන් මොහොතේ ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.