Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශාන්ත ජෝෂප් හමුවේ ඉසිපතනයට තියුණු ජයක්
පාසල් රග්බි ලිගය

ශාන්ත ජෝෂප් හමුවේ ඉසිපතනයට තියුණු ජයක්

editorial - 2022 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලිගයේ පළමු කොටසේ සුපිරි වටය යටතේ අද (7 වැනිදා) පැවැති තරගයේදී මරදාන ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව ලකුණු 16-13 ක තියුණු ජයක් වාර්තා කිරීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය. 

මෙවර තරගවලියේදී ඉසිපතන විදුහල පිට පිටම ලැබූ 6 වැනි ජය මෙය වූ අතර තවදුරටත් තරගාවලිය තුළ අපරාජිතව සිටින එකම කණ්ඩායම වන්නේද ඉසිපතන කණ්ඩායමය. ඉසිපතන කණ්ඩායමේ නවීන් කණිෂ්ක මෙම තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. 

කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 07-00 ලෙස ඉසිපතන ක්‍රීඩකයෝ පෙරමුණ ගත්හ. එහිදී ඉසිපතන විදුහල ගෝල දිනුමක් මගින් ලකුණු රැස්කළ අතර 7 වැනි විනාඩියේදී හෙට්ටිආරච්චි ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේ මලිත් බොතේජු විසිනි. 

දෙවැනි අර්ධයේදී ශාන්ත ජෝෂප් විදුහල ගෝල දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගින් ලකුණු ලබාගනිද්දී, ඉසිපතන විදුහල ලකුණු රැස්කළේ දඬුවම් පහර 3 ක් මගිනි. ඒ අනුව නියමිත කාලය අවසානයේ ලකුණු 16-13 ක් ලෙස තරගයේ ජය තමන් සතුකර ගැනීමට ඉසිපතන ක්‍රීඩකයෝ සමත් වූහ. 

තරගයේ 64 වැනි විනාඩියේදී නවීන් මාරසිංහ ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය මෙන්ම ශාන්ත ජෝෂප් විදුහලට හිමිවූ දඬුවම් පහර 2 ද සාර්ථක කරගනු ලැබුවේ රුචිත රොද්‍රිගූ විසිනි. රිනේෂ් සිල්වා ඉසිපතන විදුහල වෙනුවෙන් දඬුවම් පහර 3 සාර්ථක කරගත්තේය.

 


අදහස් (0)

ශාන්ත ජෝෂප් හමුවේ ඉසිපතනයට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.