
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ‘ කාණ්ඩය යටතේ අද (17 වැනිදා) පැවති තරගයකදී මහනුවර කිංග්ස්වුඩ් විදුහලට එරෙහිව ලකුණු 57-07 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය. මේ දක්වා තරග 3 කට ක්‍රීඩා කර ඇති ශාන්ත අන්තෝනි විදුහල එහිදී ලැබූ පළමු ජය මෙය විය.
මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 24-00 ලෙස ශාන්ත අන්තෝනි විදුහල ඉදිරියෙන් පසුවිය. එහිදී ගෝල දිනුම් 3 ක් සහ දඬුවම් පහරක් මගින් ශාන්ත අන්තෝනි විදුහල ලකුණු රැස්කළේය.
දෙවැනි අර්ධයේදී ශාන්ත අන්තෝනි විදුහල ගෝල දිනුම් 4 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු රැස්කරද්දී, කිංග්ස්වුඩ් ක්‍රීඩකයන්ට ලකුණු ලබාගත හැකි වූයේ එක් ගෝල දිනුමක් මගින් පමණි. ඒ අනුව නියමිත කාලය අවසානයේ ලකුණු 57-07 ක් ලෙස පහසුවෙන්ම තරගයේ ජය තමන් සතුකර ගැනීමට ශාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ සමත් වූහ.



(ඡායාරූප - ඩයලොග් අනුග්‍රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.